
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු ලැබ ඇත.
තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ඉම්රාන් ඛාන් අත් අඩංව ගුවට ගැනීම තහවුරු කර ඇති අතර පාකිස්තාන ආරක්ෂක අංශ ඔහුව ප්‍රචණ්ඩකාරී ලෙස එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් ඔහු රැගෙන යනු ලැබුවේ හඳුනා නොගත් ස්ථානයකට බවත් එම පක්ෂය චෝදනා කර ඇත.
නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථම ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගත් බවත් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස සිදු කළ බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය චෝදනා කර තිබේ.
ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමේදී එය ප්‍රචණ්ඩ ලෙස සිදු නොවුණු බවත් එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගත් බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ප්‍රකාශ කර ඇත.
ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා 85 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇති බවත් ටොක්ශානා සිද්ධිය ඉන් එක් චෝදනාවක් බවත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා තිබේ.
ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග ටොක්ශානා හි තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.
අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවක් ඉදිරිපත් කරන ඕනෑම අවස්ථාවක තමන් නිහඬව අත් අඩංගුවට පත් වීමට සුදානම් බවත් තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් බල ඇණියක් අවශ්‍ය නොවන බවත් ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණීමට ප්‍රථම ඉම්රාන් ඛාන් වීඩියෝ පණිවිඩයක් පටිගත කරමින් පවසා ඇත.
ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට විරෝධතා දක්වන්නන් සියලු දෙනා අත් අඩංගුවට ගන්නා බව ඉස්ලාමාබාද් පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
ඉම්රාන් ඛාන්ව දූෂණ විරෝධී විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොගත් වරෙන්තුවක් තිබීම නිසා බවත් එරට ආරක්ෂක අංශ පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් අත්අඩංගුවට
ජයන්ත මිලානො Tuesday, 09 May 2023 06:12 PM
ඇයි ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ...?
C.K.Lankaputhra Tuesday, 09 May 2023 06:36 PM
මට මතක් වුනේ අර සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපති ඡන්දෙත් පස්සේ මහින්ද මහත්තයාගේ හමුදාව එතුමා අත් අඩන්ගුවට ගත්තු විදිහට වෙන්න ඇති... මහින්ද මහත්තයාගෙන් අහගත්තද... වෙන්නත් පුළුවන්...