දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12 කට අදාළව ඇප නියම වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එසේ වුවත්, චෝදනා කිහිපයකට වරදකරු වී සිටින බැවින්, ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවුනු ඇතැයි ද පැවැසෙයි.
ඉම්රාන් ට අමතරව, ඉම්රාන්ගේ රජයේ සිටි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමද් කුරේෂිගේ ද චෝදනා 13 ක් සම්බන්ධයෙන් ඇප නියම වුණු බව පැවැසෙයි.
පසුගිය 8 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. කිසිදු පක්ෂයකට බමුතරය නොමැති වුවත්, වැඩි ඡන්ද දිනා ගනිමින් ඉදිරියෙන් පසුවන්නේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සහ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉම්රාන්ට නඩු 12 කින් ඇප