IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.

පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් ඉම්රාන් ඛාන්ගේ නිවසට කඩා වැදුනු අවස්ථාවේ ඉම්රාන්ගේ බිරිඳ බුෂ්රා බෙලම් නිවසේ සිටියාය. ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ ආධාරකරුවන් පිරිසක් ද නිවසේ සිටි අතර, ඔවුන් පොලිසියට හරස් වුණු අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවිය.

පොලිස් ප්‍රහාරයකින් ආධාරකරුවෝ 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ. අත්අඩංගුවට ගැණුනු ගණන 30 කි.

පසුගිය දින කීපය පුරා පොලිසිය උත්සාහ ගත්තේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමටය. ඒ, ඔහු එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟ හැර සිටි බැවිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site