IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටි ගණනාවක් වටිනා  බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ  පැරණි තෙමහල් නිවසකට ඉබි  යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ      මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.

තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු  තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට  නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර හිමිනමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (6)

ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට

Lalla Wednesday, 14 February 2024 10:56 AM

අනුන්ගේ පින්වලින් ඉක්මනට නිවනට යන්න පාර හොයනව පාදඩ චීවරධාරියෝ.. මේ වගේ එවුන් නිසා තමා සිවුරට අපහාස උපහාස විඳින්නවෙලා තියෙන්නේ..

:       2       19

R.P.AnandaWednesday, 14 February 2024 11:53 AM

මාලබේ කිට්ටුව ඔය වගේ දේපල සංවර්ධනය කරන පන්සලක උන්නාන්සේලාද දන්නේ නැහැ...

:       0       5

පිටරටවැසියා Wednesday, 14 February 2024 11:16 AM

නිවසින් කොටසක් සාංඝික කරලනේ...ඒත් ඉබි යතුරුටික දෙන්න අමතක වෙන්ඩ ඇති ඇටෝනි බලපත්‍රය දෙන වෙලාවෙදී, ඒකයි ඉබි යතුරු කඩා ඇතුළු වී ඇත්තෙ???

:       0       10

ravin Wednesday, 14 February 2024 12:27 PM

දැන් ඔය මහණවෙලා තියෙන්නේ සියලු ලෞකික දේවල් අතහැරලා නොවේද?

:       0       3

පිටිගල මිලානෝ Wednesday, 14 February 2024 02:41 PM

පින්වතුනි…. හැකි තරම් පූජා කරන්න… දෙන දෙන තරමටයි ලැබෙන්නේ.

:       0       3

de silva Wednesday, 14 February 2024 09:18 PM

කරුණාකර නීති මගින් මෙම චීවර ධාරියෝ දෙන්නට උපරිම දඩුවම් දෙන්න , වචන වලින් බුදු සසුනට අපහස කල කියල සේපාලට සහ අර නටාෂා කියන කාන්තාවට බෙදුව හැන්දෙන්ම මේ ගොල්ලන්ටත් බෙදන්න , සංගයාවහන්සේලට දේපල , වාහන වැනි දේවල් වල ඓතිය ලබාගන්න බැරි විදිහට නීති සම්පාදනය කරන්න , කරුණාකර බිස්නස් කරනවා නම් සිවුරෙන් ඉවත් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු ගැන චක්‍රලේඛයක්
2024 මැයි මස 09 270 0

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත්


තාත්තාගේ බෝම්බයෙන් දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි
2024 මැයි මස 09 399 1

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ල


කෝටි 4ක රත්තරන් ජෙල් කටුනායකින් අල්ලයි
2024 මැයි මස 09 349 0

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවල


විභාග මධ්‍යස්ථානයේ චන්ඩි පාට් දැමූ සිසුන් දෙදෙනා අත්අඩංගුවට
2024 මැයි මස 09 786 2

රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්දයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංග


විදුලි බලය ආර්ථිකයේ මර්මස්ථානයක්
2024 මැයි මස 09 459 3

විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


ගුවන්තොටින් මාල පන්නන්න හැදූ ඉන්දියානුවා අත්අඩංගුවට
2024 මැයි මස 09 364 1

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලියක සඟවා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 566 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2043 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1796 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site