IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉබෝලා නදියෙන් මාරක නමක් උපදී

අද ලෝකයේ වැඩියෙන්ම කථා බහට ලක්වූ වචනයකි ඉබෝලා. අප‍්‍රිකාවේ සියොරා ලියොන් හී වැසියන්ට වැළඳීමෙන් ව්‍යාප්තවූ මෙම රෝගය හා රෝග කාරකය ලෝකයේ වෙනත් රටවල්ද ආක‍්‍රමණය කිරීමට පටන් ගෙන ඇත

අද බොහෝ රටවල ගුවන් තොටුපොළ වල ජංගම රෝහල්, රසායනාගාර තාවකාලිකව ඉදිකරමින් ඉබෝලා ගෙන් ජනතාව රැක ගැනීමට වෙහෙසෙමින් සිටී. කුමක්ද? මෙම ඉබෝලා. ඉබෝලා නාමයටද විශේෂත්වයක් ඇත්තේය. වෛරසය මෙන්ම එයද දැන ගැනීම වටින්නේය.

 ඉබෝලා යනු විද්‍යාත්මක නාමයක් නොවේ. බටහිර අප‍්‍රිකාවේ පිහිටි මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදි කොන්ගෝ රාජ්‍යය මැදින් ගලා බසින නිල්වන් නදියකි. මෙම දිය දහර හැදින් වෙන්නේ ඉබෝලා ලෙසය. කෙටියෙන්ම මෙම ගංඟාවේ නම ඉබෝලාය. කොන්ගෝ රාජ්‍ය භාෂාවට අනුව එබෝලා යන්නේ තේරුම ”පිරිසිදු වතුර” යන්නයි. ඉබෝලා වෛරසය ප‍්‍රථමයෙන් සොයා ගත් 1976 දී ප‍්‍රථම රෝගියා හමුවන්නේ මෙම ගංගාව ආශ‍්‍රිත ප‍්‍රදේශයකදීය.

උතුරු කොන්ගෝවේ පිහිටි යැම්බුකු රෝහලට ප‍්‍රථම රෝගියා ඇතුළු කිරීමෙන් පසු වෛරසය ශරීරගතවු එවැන්නෝ 280ක් විවිධ ප‍්‍රදේශ ආශ‍්‍රිතව සොයා ගැනීමට හැකිවී ඇත්තේය.

කහ උණ යැයි වෛද්‍යවරුන් ප‍්‍රථමයෙන් අනුමාන කළද එය නිවැරදි නිගමනයක් නොවීය. මේ ගැන සොයා බලා පරීක්ෂණ කිරීමට බෙල්ජියම් ජාතික වෛද්‍යවරු කණ්ඩායමක් කොන්ගෝවට ලගා වුහ.

ඔවුන්ගේ පරීක්ෂණ හා නිගමන වලට පසු රෝග කාරකය අලූත්ම ගනයේ වෛරසයක් බව සොයා ගත්තේය.  

ප‍්‍රථම රෝගියා හමුවුයේ ඉබෝලා නදිය අසල ගම්මානයකින් බැවින් මෙම වෛද්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වන ඉබෝලා හා ඒඞ්ස් වෛරසය ගැන පරීක්ෂණ සිදුකළ ලෝක ප‍්‍රසිද්ධ උෂ්ණ කලාපීය ක්ෂුද්‍රජීවී විශේෂඥ වූ පීටර් පියොට් නම් විදුවරයා විසින් එම වෛරසය එබෝලා යනුවෙන් නම් කළේය.

 ඉබෝලා ලෝකයා හඳුනා ගන්නේ එසේය. අද සුන්දර නිල්වන් දිය දහරක් ලෝකයම සසළ කර ඇත්තේය. ඉබෝලා  රෝගයෙන් හාරදහසක් පමණ දැනට මියගොස් ඇත්තේය.

Ebola-river Ebola-river-Map Peter-Piot

 

 

 

 

 



අදහස් (0)

ඉබෝලා නදියෙන් මාරක නමක් උපදී

ගයාන් Tuesday, 14 October 2014 02:38 AM

ඉබෝලා කියන්නෙ ඇමරිකාව ජීව අවියක් විදියට හදපු වයිරසයක්...මාර්බාග් වයිරස් තමා මේකෙ මූලික වයිරස් එක..වැඩි විස්තර තියනව රිචඩ් ප්‍රෙස්ටන් මහතාගෙ..ද හොට් සෝන් කියන පොතේ..වයිරස් එක 1976 ඉන්දල ආපු විදිය මේකෙ තියනවා.(හේ)

:       0       0

ඉෂාන් Monday, 13 October 2014 10:46 AM

මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා නිල්මිනී (නි)

:       0       0

මුතූ Monday, 13 October 2014 04:30 AM

අප්‍රිකානු රටවල් වලින් ලංකාවට එන අය ගුවන් තොටුපොළේදී පරීක්ෂා කරනවා (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 12 October 2014 02:12 PM

නමේ උපත සුන්දර වුවත් ලෙඩේ මාරාන්තිකය, ප්‍රවේසම් වන්න,(හේ)

:       0       0

සූරියාරච්චි Monday, 13 October 2014 04:59 AM

අද අද එයි මරු පින්කරගන්නේ කුමටද කුසලට කම්මැලි වෙන්නේ? (නි)

:       0       0

අශාන් Monday, 13 October 2014 05:09 AM

මෙච්චර දියුණු ලෝකෙක ඇයි තාම බෙහෙත් හොයාගෙන නැත්තේ? හැම දෙයකටම අලුත් දෙයක් හොයාගන්න හොඳ පහසුකම් තියෙන රටවල් වලින් ඇයි තාම බෙහෙත් හොයන්නේ නැත්තේ? (නි)

:       0       0

සරත් Monday, 13 October 2014 05:11 AM

මමත් ඉන්නේ කොංගෝ රටේ. ඒත් කියන තරම් බයක් දැනෙන්නේ නැහැ. මොකද ලංකාවේ මාර්ග අනතුරු වලින් මීටවැඩිය මිනිස්සු මැරෙනවා (නි)

:       0       0

විනීතා Sunday, 12 October 2014 04:32 PM

මේකට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

නිල්මිණි Sunday, 12 October 2014 04:41 PM

මම ඉන්නේ අප්‍රිකානු රටක. තවම මෙහේ මේ රෝගය නැහැ. ඒත් ඉතින් බයයි (නි)

:       0       0

ඉන්දු Sunday, 12 October 2014 04:57 PM

සිංහල භාෂාවෙන් විස්තර පළකිරීම ඉතා අගයකොට සළකමි. රෝගය නම් මාරාන්තිකය (නි)

:       0       0

ක්‍රිස් Sunday, 12 October 2014 04:58 PM

චන්ද්‍ර, ඔව් ඔබ කියූ දේ නිවැරදියි (නි)

:       0       0

ක්‍රිශාන් Tuesday, 14 October 2014 06:18 AM

අත්තටම බයයි.නමුත් මිනිසුන් ජිවත් වෙන්න ගොඩක් දේවල් සිද්ධවෙන නිසා.ඔබ සැමට බුදු සරණයි.(හේ)

:       0       0

අමන්දා Monday, 13 October 2014 06:11 AM

අහනකොටත් බයයි (නි)

:       0       0

කලීල් Monday, 13 October 2014 06:45 AM

මොනවා වුණත් එන හැටියකට මුහුණ දෙන්න වෙනවා (නි)

:       0       0

සුරාන් Monday, 13 October 2014 06:58 PM

සරත්, මමත් ඉන්නේ කොංගො. මෙහේ ලංකාවේ අය 10 කට වඩා නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 13 October 2014 01:13 AM

නිල්මිණි, උපයාගත් දෙයක් තිබෙනවා නම් එකතුකරගෙන නැවත එන්න ලංකාවට (නි)

:       0       0

නිරෝෂ් Monday, 13 October 2014 09:25 PM

නදිය සුන්දර වුණත් වෛරසය නම් අති භයානකයි. (නි)

:       0       0

ජයනි Monday, 13 October 2014 03:00 AM

අනේ නිල්මිණි, මට නම් ඇත්තටම බයයි. අවදානමක් අරගෙන කොහොමද ඔහොම ඉන්නේ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site