IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉඳුනිල් ගීතයට අතපොවයි

20160314_Indunil03ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ මොරණ කඩදාසි ටෙලිනාට්‍යයේ කල්පනාගේ චරිතයට පණ පෙවූ බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රියත්වට පත් ඉඳුනිල් නුගවෙල ගායිකාවක් ලෙසද ඉදිරියේ කලඑළි බැසීමට සූදානමින් සිටියි. ටෙලිනාට්‍යය නිළියකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද නමක් දිනාගෙන ඇති ඉඳුනිල්, සිය කුලුඳුල් ගීතය වූ රෑ අහසේ පසුගියදා එළිදක්වනු ලැබීය.

සිය කුලුඳුල් ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබීමත් සමගින් ඇය ඉදිරියේදී ගීත කිහිපයක් එක්වර එළිදැක්වීමට සූදානමින් සිටියි.
ඳුනිල් ඒ පිළිබඳව මෙලෙසින් "සාරවිට"ට අදහස් දැක්වූවාය.

"මේ දිනවල අලුත් ගීත කිහිපයක් පටිගත කරමින් ඉන්නවා. බොහෝවිට ලබන මාසෙ මුල් භාගය වනවිට ඒ ගීත සියල්ලම එළිදක්වන්න තමයි සැලසුම් කරගෙන තියෙන්නේ. එළිදක්වන්න සැලසුම් කරලා තියෙන ගීත ගැන සඳහන් කළොත් "මා නෙතු දැහැනේ" ගීතය මා විසින් පද රචනා කළ ගීතයක්. එහි සංගීතය නිර්මාණය කළේ රංග ප්‍රනාන්දු. "පොඩි කාලේ අම්මේ" පද රචනා කලෙ රසික චාමර. ඔහුම පද රචනා කළ තවත් ගීතයක් තමයි "කඳුළ ළඟ තියා" ගීතය. ඒ ගීත දෙකත් සංගීතවත් කළේ රංග ප්‍රනාන්දු. මම පද රචනා කළ තවත් ගීතයක් තමයි "මං මුලාවී" ගීතය. රංග ප්‍රනාන්දු තමයි එහිත් සංගීත නිර්මාණ කටයුත්ත කළේ. ඩිලාන් ගුණවර්ධනගේ කඩවත පිහිටි "DIVINE STUDIO" හි තමයි මේ ගීත සියල්ලම පටිගත කළේ. මේ ගීත අතරින් එක් ගීතයකට ගීත රූප රචනාවක් කරන්නත් අදහසක් තියෙනවා."

බුද්ධික සේනාධීර 

 

20160314_Indunil04



අදහස් (0)

ඉඳුනිල් ගීතයට අතපොවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site