IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉනේ ගසාගෙන ගිය බෝතලය බඩේ ඇනිලා

( නිශාන්ත කුමාර)

බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමඟ ගල්තලාවක් මත ඇද වැටී  බිඳී ගිය බෝතලයේ කොටසක්  උදරයේ ඇනීමෙන් බරපතල තුවාල ලබා  අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

  තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකි.

කිසියම් අවශ්‍යතාවයක් සඳහා මොහු වීදුරු බෝතලයක් ඉනෙහි සඟවාගෙන තවත් මිතුරෙකු සමඟ කැලෑබද මාර්ගයක් ඔස්සේ   ගමන් ගනිමින් සිටියදී ගමන් ගත් මාර්ගයේ තිබූ ගල්තලාවක් මතදී බිම    ඇද වැටී ඇති අතර   ඇද වැටීමත් සමඟ ඉනේ තිබූ බෝතලය පුපුරා එහි කොටසක් උදරයෙහි ඇනි ලේ ගලන්නට පටන් ගෙන ඇත.

 ඒ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ මිතුරා උදරයේ සිරව තිබූ   කැඩුණු බෝතලයේ කොටස එලියට ඇද දමා ඇති අතර   එම ස්ථානයෙන් රුධිරය වහනය වීමත් සමඟම ඔහු රෝහලට රැගෙන විත් භාරදී ඇත.

 

 



අදහස් (1)

ඉනේ ගසාගෙන ගිය බෝතලය බඩේ ඇනිලා

සෙනෙවිරත්න Friday, 30 August 2024 01:43 PM

ඒකෙ තියෙන ඖෂධීය ගුණයට තුවාලවල විශබීජ විනාශ වෙනවා. රෝහල්වල තුවාල වලට දමන්නෙත් ඔය වගේ ඒවා තමයි.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site