
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ( කෝපා ) විශේෂ අවධානය යොමුවිය.
බලශක්ති අමාත්‍යාංශයේ 2018, 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා(05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර මේ කාරණය ගැන අවධානය යොමු වූයේ ඒ අවස්ථාවේදීය
කෝපා කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාය.
මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ පවතින හෙයින් එය වසර 60 පමණ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බව 2016 වර්ෂයේ දී කමිටුව හමුවේ පෙනී සිටි අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා සඳහන් කර තිබූ බව කෝපා කමිටුව පවසයි.
එසේම එය රටේ විදුලිබල සැපයුම කිලෝවොට් 1130 දක්වා වැඩිකිරීමට යොදාගත හැකි හෙයින් ස්වභාවික වායු නිපදවීමෙන් රටට විවිධ අංශ වලින් ඩොලර් බිලියන 200 ක පමණ වාසියක් සැලසෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ යයි කමිටුව සඳහන් කරයි.
COMMENTS
සෞදි අරාබිය අවුරුද්දකට බැරල් බිලියන 4ක් නිපදවනවා. එහෙම බලපුවාම මේකේ කැණීම් කරලා වැඩක් තියෙයිද? ආයෝජනය කරන්න අපිට සල්ලි නැති හින්දා වෙන රටක් එන්නේ අවුරුදු 50ක් වත් ප්‍රයෝජන ගන්න පුළුවන් නං විතරයි.
ඕක ගොඩදානවට වඩා හොඳ නැද්ද කොමිස්පාරක් ගහලා තෙල් නැවක් ගේන එක..
මැතිවරණයක් කිට්ටු කරලා මේක කැණීම් කරන්න ගන්නවා. ආයේමත් අමතක කරලා දානවා. ඉස්සර යුද්දෙ වගේ. හිඟන්නාගේ තුවාලේ වගේ. කැණීම් වලට යන මුදල සමඟ ලැබෙන ප්‍රතිලාභය අඩුනම් එය විද්‍යාත්මකව ඔප්පු කරලා අත හරින්න ඕන. බොරුවම කරලා කරලා තමයි කවුරුත් අපේ රට විනාශ කළේ
ගම්මන්පිල තෙල් ඇමති කාලේ කිව්වේ මන්නාරම් ද්‍රෝනියේ තෙල් අරගෙන විකුණලා ණයත් ගෙවලා රට සුරපුරයක් කරනවා කියලා... ගණන් හදහදා මාධ්‍ය සාකච්ඡා තියලා රටම අන්දපු විදිහ මතකද? මුහුද මැද ට්‍රිප් එහෙමත් ගියේ... මෙයාලා එක්කෝ මිනිස්සු නොමග යවමින් පාලනය ගෙන ගියා.. නැත්නම් කොමිස් ප්‍රශ්ණයක් නිසා වැඩේ යට ගහනවා.
අපේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ප්‍රතිශතය මෙවන් ව්‍යාපෘතියක් ගැන තේරුම් ගන්න නොහැකි අය... දෙවනුව හැඟීමක් නැතිකම.. ඉහළින් ඉන්න ක්‍රියාකාරීන්ට හේත්තුවක් දාලා විශාල කොමිස් වලින් ගණනක් ගන්න අය තමයි. සියලුම පක්ෂවල ඉන්නේ. ස්වාධීනව මෙවැනි යමක් සත්භාවයෙන්, කලාතුරකින් බුද්ධිමත් අයෙක් කතා කළොත් එයාව නැති වෙන්නම කපනවා. දවස් කිපයක් එක දිගට කතාකරන්න දේවල් තියෙනවා...
අප පාර්ලිමේන්තුවේ මෙවැනි දේ කතා කිරිමට සාඛ්‍යතාව ඇති හා උනන්දු අය විරලයි. යම් අයෙක් උනන්දුවෙන් කතා කළොත් කපලා දානවා. හැකි කෙනාට හේත්තු වී ඔවුන්ගේ විශාල කොමිෂන් එකෙන් කීයක් හරි ගන්න අය තමයි වැඩි... ඇත්තටම බහුතරයකට එවන් සිතිමේ හැකියාවක් වත් නැහැ. දින කීපයක් මේ ගැන කතා කළ හැකියි.