ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4,01,993 කි. ගතවුණු පැය 24 දී වාර්තා වූ කොරෝනා මරණ 3,523 කි.
ඉන්දියාවේ අවුරුදු 18 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ සැමට ද අද (1) සිට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. කෙසේ නමුත් ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේ ප්‍රමාණවත් ආකාරයට ඔවුන් සතුව එන්නත් තොග නොමැති බවය.
ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත්තේ එන්නත් ප්‍රමාණවත් තරමට ලබා දීමට කටයුතු කරන බවත් එන්නත් හිඟයක් නොමැති බවත්ය.
රොයිටර්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd