හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අඹ ගසකට නැගීමට ගොස් වැටී ඉන්නක් ඇනීමෙන් කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද පෙරවරු 10.30 ට පමණ මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
පසුගිය අඟහරුවාදා තම බාප්පා සමග කුඹුරු වැඩට ගොස් සිටියදී ගසකට නැගීමට ගොස් ඇද වැටී ඉන්නක් ඇනුණු තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) සිසුවාට පැය තුනහමාරක සැත්කමක් සිදු කර එම ඉන්න ඉවත් කළ අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ.
සිසුවා බුලත්සිංහල මැදි විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්න ඇනුණු සිසුවා මියයයි
දීපාල් Friday, 30 October 2015 11:08 AM
අද අද එයි මරු පිංකර ගන්නේ... කුමටද කුසලට කම්මැලි වන්නේ. මාරයා සමග ගිවිසුම් නැති අපේ මරණය ඊළඟ මොහොතේ විය නොහැකිද? (ර)
දීපාල් Friday, 30 October 2015 11:18 AM
මදකට සිතන්න. මේ දරුවාගේ අකල් වියෝව දේව දුතයෙකු කර ගන්න .(හේ)
පුදූ Friday, 30 October 2015 11:42 AM
පුතුනුවනි නුබට නිවන් සුව පතමි. (ර)
ටෙනිසන් Friday, 30 October 2015 12:14 PM
වියසනය කනෙන් අසා,ජායාරූප වලින් දැකපු අප මහත් කම්පනයට පත්වුණා. ඔබට ඉක්මන් සුවය හා ඔබ වෙනුවෙන් වෙහෙසෙන වෛද්‍යවරුන්ට ශක්තිය ප්‍රාර්ථනය කළා.නමුත් අප සැමට මහත් වේදනාවක් දෙමින් ඔබ දෙනෙත් පියා ගත්තා. අපට මෙතරම් වේදනානම් ඔබ ජීවත් කරවීමට වෙරදැරූ වෛද්‍යවරුනට හා කාර්ය මණ්ඩලයට කෙතරම් වේදනාවක් ඇත්ද ?. ඒ සැමට අපේ ආචාරය.(ම)
සංජීව - හොරණ Friday, 30 October 2015 02:19 PM
මල්ලියේ ඔයාට නිවන් සුව පාර්ථනා කරනවා..(බ)
ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 07:51 AM
ඔබ ජීවිතය මෙතරම් වේදනා සහගතව නිමා කිරීම අපි ඉමහත් කම්පාවෙන් ඉවසා සිටිමු . ඔබ අදහන මඟකින් සැනසුම ලැබේවා.(ම)
උපුල් Friday, 30 October 2015 08:45 AM
ඔබට නිවන් සුව පතමි. ඒවගේම ජීවිතය බේරාගන්න මහත් උත්සාහයක් දැරූ වෛද්‍ය කණ්ඩායමට හා සේවකයන්ට අපගේ ප්‍රණාමය (බ)
දීමන්ත Saturday, 31 October 2015 10:50 AM
පුතේ, ඔයාට අමාමහා නිවන් සුව! සසරේ මතු කවදාවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (අ)
නිශාන් Friday, 30 October 2015 10:21 AM
දරුවන්ට අපල කාලයක් ලබලා තියෙන්නේ. දෙමාපියනි දරුවන් ඇස් දෙක මෙන් රැකගන්න. දරුවට නිවන් සැප ලැබේවා.! (ර)