IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඉන්ධන විරෝධයක් කැස්බෑවත් වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)

ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වූ කැස්බෑව ඉන්ධන හලකින් පෙට්රල් ඉන්ධන නොදීම සම්බන්ධයෙන් උරණ වූ පාරිභෝගිකයෝ කැස්බෑව නගරය හරස් කර සිය විරෝධය දැක්වූහ

තමන් දින ගණනාවක සිට පැට්‍රල් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටියදී අද ඉන්ධන ලබා දෙන බවට ඉන්ධන හලේ කළමනාකරු පොරොන්දු වූ බව විරෝධතා කරුවෝ පවසති

ඇප් එකේ ද එම ඉන්ධනහලට පෙට්‍රල් ඉන්ධන බවුසරයක් නිකුත් කළ බවට සටහන් වුවද එම ඉන්ධන තොගය හෝ බවුසරය ඉන්ධනහලට පැමිණියේ නැති බවත් පවසමින් ඔවුහු විරෝධය දක්වති

කැස්බෑව ඉන්ධනහලට ලැබිය යුතු ඉන්ධන බවුසරය වෙනත් ස්ථානයකට රැගෙන ගියාද? එසේ නොමැති නම් මිල ඉහළ යන තෙක් සඟවා තබන්නට ඇතැයි විරෝධතා කරුවෝ පවසති



අදහස් (6)

ඉන්ධන විරෝධයක් කැස්බෑවත් වහයි

යෝගා Wednesday, 18 May 2022 06:01 PM

මිනිස්සු සත්තු වගේ හැසිරෙමින් දියුණු රටක් බලාපොරොත්තු වෙනවා. මහාමාර්ග වහන්න දීලා පොලිසිය උඩ බලාගෙන ඉන්නේ ඇයි?

:       12       16

SWISSWednesday, 18 May 2022 07:05 PM

තරු පේන්නම පොලිසිය ගුටි කෑව නිසයි..! ඒ නිසා අද ලංකාවේ පොලිසිය වෙනදේ බලාගෙන නිහඬව ඉන්නවා...!

:       1       13

SWISS Wednesday, 18 May 2022 06:28 PM

මේ ඉන්න කැස්බෑවන් විය සිදුරකින් අහස බැලූවිට පේන්නේ තෙල් පෝලිම්‍..!

:       3       5

sampath Wednesday, 18 May 2022 06:53 PM

මේක මහා අපරාධයක්... අපි ඩොලර් දීලා අමතර ගාස්තුත් දීලා තෙල් ටික ගේන්නේ ඒකට මහපාරේ නිකරුණේ පුච්චලා දානවා. තෙල් එන්නේ නැති එකට පාරෙ යන මිනිස්සු පළි නෑ. අනෙක තෙල්වලට කූපන් එකක් දුන්නා නම් මේ ප්‍රශ්නය ඉවරයි. මේ විදිහට පෝලිම්වල මිනිස්සු තියන එක අපරාදයක්... මේ රට කබලෙන් ලිපට වැටෙන වැඩක්..මේ තැන තැන මිනිස්සු නීතිය අතට ගැනීම, පාරවල් වැහීම වීරකමක් නොවේ...

:       4       16

Rohana Wednesday, 18 May 2022 07:24 PM

තෙල් නෑ කියලා මොන විරෝධතා ආවත් ෂෙඩ්වලට තෙල් ලැබෙන්න තෙල් නැව් ඩොලර් ගෙවා නිදහස් කරගත යුතුයි. දැන් වෙලා තියෙන්නේ ඒ සඳහා ගෙවන්න ආණ්ඩුවට ඩොලර් නැතිකමයි. ඩොලර් නැතිවුනේ මේ ආණ්ඩුවේ අදක්ෂ පාලනය සහ රටේ ඩොලර් පාලකයින් විසින් හොරාකෑම නිසයි. එසේනම් මෙවැනි අසමත් ආණ්ඩුවක් පත්වුනේ ජනතාවට බොරු පොරොන්දු දී ජනතාව රැවටීම නිසයි. දැන් ඉතින් ආණ්ඩුව කරගන්න බැරිව තෙල් නැව් ගැන කතාකරකර ඉන්නවා. රට බංකොලොත් වී ඇති නිසා වෙන රජයක් පත්කරගත්තත් මේ අර්බුදයෙන් නිදහස් වීමට සෑහෙන කාලයක් ගතකරන්න වෙයි...

:       4       17

tharindu Thursday, 19 May 2022 10:58 AM

මේකට හේතුව ඩොලර් නැති කතාවක් නෙමෙයි. දන්නේ නැති අය කියවන්න එපා..ෂෙඩ් එකෙන් බව්සර් එක යවල තෙල් මග බාල ආවම මිනිස්සු වෙන මොනවා කරන්නද..එතන රෑ දෙකක් රස්තියාදු උනා මිනිස්සු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site