IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට

(යොහාන් භාසුර)

ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (10)

ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට

chandima Thursday, 01 February 2024 12:45 AM

රුපියල ඉහල නැග්ගා කියනවා නේද ?

:       0       10

chandima Thursday, 01 February 2024 12:47 AM

මුන් දාන් ඉත්තෝ එහාට මෙහාට අදිනවද මන්දා ?

:       0       9

Banda Thursday, 01 February 2024 05:39 AM

ඩොලර් එක් පහළ යන්න.... තෙල් ගනන් යනවා....මාරයි අප්පා...

:       0       13

Nadadawa withanage sisira kumara Thursday, 01 February 2024 05:52 AM

ලොකු මිනිස්සුන්ට බෝනස්.අපිට ටැක්ස්

:       1       15

nanda Thursday, 01 February 2024 06:14 AM

දැන් වැඩි කළා මදිද .ඔය එකතු උන සල්ලි වලින් චන්දයක් තියන්න. මිනිස්සුන්ට දැන් මේ රටම එපා වෙලා තියෙන්නේ

:       1       19

චන්දන Thursday, 01 February 2024 07:47 AM

දැන් ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් අලෙවිය අඩියටම වැටිලා. ඒකයි අඩු කලේ. කාංචන ව්‍යාපාරය කළු කඩයක් වෙලා. අසීමිත ලාබ ලබනවා විතරක් නෙවෙයි ලාබය හෙළි නොකරන තත්ත්වයකට පත්කරල. මුන්ට හෙන වදින්නේ වැහැ නැති වෙලාවට.

:       2       18

nimesh Thursday, 01 February 2024 08:46 AM

දොස්තරලට විතරක් දුන්න රු. 35,000 දීමනාව හොයා ගන්න එපැයි. මසෙකට රු. මිලියන 700 ක් ඔනි. අහින්සක අපිට තමා තට්ටු වෙන්නෙ

:       2       20

geethikaThursday, 01 February 2024 10:24 AM

සහතික ඇත්ත. මමත් දැක්ක එක දොස්තර කෙනෙක් වාහනෙට පරන රිම් සෙට් එක කැතයි කියල අලුත්ම ඇලොයිවීල් සෙට් එකක් දාල මුහුණුපොතේ පළ කරල තිබ්බ. හැබැයි පහු ගිය කාලෙ එයලයි එයලගෙ ගොම සංගමෙයි දවස ගානේ මාධ්‍ය සාකඡ්චා තියලනම් කිව්වෙ එයාලගෙ ආර්ථික තත්වය අඩියටම වැටිල කන්න බොන්නත් නැති ගානට. මිනිස්සුන්ව කොච්චර කුලප්පු කලාද? දැන් අපිට බදු ගහල එයලට විතරක් පඩි වැඩි කලාම අපි හුලං බොනව. එයාල පිස්සු නටට රඟනව

:       7       13

Aravinda Monarawila Thursday, 01 February 2024 02:09 PM

පෙට්‍රල් ලීටරය දාහට ගියත් මොකද අප්පා දැන් පෝලිම් නැහැනේ... ගන්න අතේ සල්ලි නැතිනම් මහ බැංකුවත් කඩාපල්ලා...!

:       0       0

බද්රානි Thursday, 01 February 2024 02:45 PM

ඉතාම කාලෝචිත තීරණයක්... රටේ කරත්ත නිෂ්පාදනය වැඩිකොට ජනතාව කරත්ත භාවිතයට යොමුකළ යුතුයි... කරත්තයට බඳින්න සුදුසු ගවයින්ගේ අඩුවකුත් නැහැනේ මේ රටේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site