IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඉන්ධන මිල යළි ඉහළට

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාසයකට ආසන්න කාලයකින් අනතුරුව ඉන්ධන මිල මෙලෙස නැවත වරක් ඉහළ දමා ඇත.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (10)

ඉන්ධන මිල යළි ඉහළට

swiss Monday, 23 May 2022 11:59 PM

තෙල් උත්පාදනය කරන යුරෝපා ධනවත් රටවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 750 කි..! ණයට ඩොලර් අරගෙන කොච්චර අඩුවටද ලංකාවේ පෙට්‍රල් විකුණන්නේ..?..!!

:       0       0

Suneth Tuesday, 24 May 2022 12:24 AM

අවස්ථා දෙකකදී ලංකාවේ දැවැන්තම මිල වැඩි කිරීම් දෙකක් සිදුකල නව බලශක්ති ඇමති තුමා ඔබ අසමත්.

:       0       0

මයිනා Tuesday, 24 May 2022 12:29 AM

අපිට දැන් ඉතින් පයින් යන්න තමා වෙන්නේ

:       0       0

සනත් බණ්ඩාර Tuesday, 24 May 2022 12:33 AM

පෙට්‍රල් 95 සහ සුපර් ඩීසල් පාවිච්චි කරන්නෙ පොහොසත් මිනිස්සු නිසා ඒ වර්ග දෙක ලීටරය රුපියල් 1000 කලයුතුයි.

:       0       0

aruni Tuesday, 24 May 2022 03:58 AM

කූරගල සිංහයා දෙස බලාගෙන බඩගින්නේන්ග් ඉන්න "අර්බුදයෙන්" රට බේරගත්තා -කන්ඩ නැති උනත් ඉන්ඩ රටක් තියනවා දෙන් - ඉදිරියේදී තවත් සහන ලබාදෙනවා -තනි සිංහල ආණ්ඩුවක් සහ තුනෙන් දෙකේ බලයක් දුන් ඔබට ඉස්තූති ..!

:       0       0

ජයරත්න Tuesday, 24 May 2022 06:23 AM

ඕකටද පරණ මූණු දාල අලුත් ආණ්ඩුවක් හැදුවෙ. ජනතාව ටික ටික මරණව. ජනතාවට දැන් තමන්ගෙ වාහනයක තියා පොදු ප්‍රවාහණයකවත් යන්න බැරි තත්වයක් උදා වෙලා.

:       0       0

Hafeel Tuesday, 24 May 2022 10:20 AM

ඔන්න ජාත්‍යන්තරය දිනු අපේ රනිල් අගමැතිගෙන් ජනතාවට ලැබුණු බර මල්ලක්. රටටත් ජනතාවටත් හොඳ අනාගතයක් දෙන්න ආපු රනිල්ගෙන් මේවාද ජනතාවට බලාපොරුත්තු වුනේ?

:       0       0

බද්රානි Tuesday, 24 May 2022 01:45 PM

ඉතාමත්ම හොඳයි. ඉන්ධන මිල වැඩිකළ යුතුයි. බයිසිකල්, කරත්ත වැනි දේ ප්‍රවාහනය සඳහා යොදාගත යුතුයි. කටින් පාරම්බෑවාට පලක් නැහැ ක්‍රියාවෙනුත් අපි දේශීයත්වය අගයන හෙළයේ යක්ඛයින් බව ලෝකෙටම ඔප්පු කල යුතුයි. සුද්දන්ගේ හා තම්බින්ගේ බැලමෙහෙවර කරමින් හම්බකරන මුදල් ලංකාවට එවලා මේ රට ලෝකෙටම ලොක්කන්ගේ රට බවට පත් කලාම කාටද ආඩම්බර. එතකොට අර සුද්දෝ අපිට හදල දුන්නු තෙල් ටැංකි ටිකත් පුරෝ ගන්නවා ඒ සල්ලි වලින් ෂෝක් එකට...

:       0       0

fairoos Wednesday, 25 May 2022 12:05 PM

ඉන්න 225 ම එළවලා අලුත් ආණ්ඩුවක් එනකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       2

The Bitter truth Saturday, 28 May 2022 01:36 PM

තෙල් සංස්ථාවේ (CEYPETCO) අලාභයන් මග හරවා ගැනීම සඳහා මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇත. කෙසේ නමුත් තරගකාරී සමාගමක් වන ලංකා IOC සමාගම පැවැති මිල ගණන් යටතේ සිය ලාභය ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති බව එම ආයතනයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යයනයේ දී නිරීක්ෂණය වේ. තෙල් සංස්ථාවේ මුල්‍ය ප්‍රකාශන නිරීක්ෂණය කළ නොහැකි විය. කෙසේවෙතත් ආයතන දෙකම එකම මිල ගණන් යටතේ තෙල් ලබා ගන්නා බැවින් සමාන දළ ලාභ අනුපාතික යටතේ එක් ආයතනයක් ලාභ ලැබීම හා අනෙක් ආයතනය පාඩු ලබීම සිදුවන්නේ නම් එය පාඩුලබන ආයතනයේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් සිදු වන්නකි. මෙම මිල වැඩිකිරීම සියලුම කර්මාන්ත කෙරෙහි සෘජු හා වක්‍ර බලපෑමක් එල්ල කරන අතර, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය හා ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. එක් ආයතනයක අවිධිමත් කළමනාකරණය, සම්පූර්ණ රටක ආර්ථිකය කෙරෙහි සිදුකරනු ලබන අනිසි බලපෑම පිළිබිඹු කිරීමට මෙම සිදුවීම කදිම උදාහරණයකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 354 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 143 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 686 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 173 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 745 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 345 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1351 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site