IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්ධන මිල මහා රෑ වැඩි වෙයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) අද (26) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, රුපියල් 450 කට පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ද, රුපියල් 400 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටර් එක මිල රුපියල් 60 කින් ද, රුපියල් 445 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ද, මිල ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 460 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



අදහස් (18)

ඉන්ධන මිල මහා රෑ වැඩි වෙයි

Rohana Sunday, 26 June 2022 09:13 AM

සතුටුයි සනීපයි සැපයි. ඒක ගන්නත් දවස් ගණන්, කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල සීටීම අන්තිම සැපයි..!.

:       0       7

අරවින්ද මොනරවිල Sunday, 26 June 2022 09:17 AM

තවම මම හිතන්නේ ඉතාලියට වැඩිය ලංකාවේ ඉන්ධන මිල අඩුයි... කියලා..!

:       2       1

කිරි පුතා Sunday, 26 June 2022 09:27 AM

මිල ඉහළ දාගෙන ඇල්වතුර තමයි විකුණන්න වෙන්නේ... ඉන්ධන නෑනේ...!

:       0       4

සෙනෙවිරත්න Sunday, 26 June 2022 09:58 AM

හරියට දවල්ට වැඩි වුණා වගේ, නැති තෙල්මිල වැඩිවෙනවා..!

:       0       1

යෝගා Sunday, 26 June 2022 10:44 AM

95 පෙට්රල් 650ක් කරන්න. එතකොට දොස්තරලට කරදරයක් නැතුව තෙල් ගහන්න පුළුවන්...

:       0       0

Namal Sunday, 26 June 2022 10:55 AM

මේ සැරේ ඩොලර් වැඩි වුණෙත් නෑ ලෝක වෙළෙඳපලේ මිලත් අඩුවුණා පොඩ්ඩක්. එහෙම තියෙද්දී මොකටද අද වැඩි කරේ..? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ... මිනිස්සුත් ගොබ්බයින් වගේ ඉන්නවා... ආනේ ආයේ වැඩි කරානේ කියාගෙන..!

:       0       6

PereraMonday, 27 June 2022 10:19 AM

මිනිස්සු වැඩි දෙනා ගොබ්බයින් තමයි. ඒකනේ ලංකාවට කෙළවෙලා තියෙන්නේ...!

:       0       1

MO77 Sunday, 26 June 2022 11:37 AM

ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ ඩොලර් නැති නිසා. මහ බැංකුවට හා මුදල් අමාත්‍යංශයට කිසිම වැඩපිළිවෙළක් නෑ ඩොලර් ගෙන්න ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්නේ අහිංසක විදේශයන්ගේ ඩොලර් කුණු කොල්ලෙට මිලදී අරගෙන, මේ නාස්තිකාර ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න. ඩොලර් ඒ මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය කරන්න. ලබන ඩොලර් වලින් ඉන්ධන, ගෑස්, ඖෂධ ගෙන්වා ගැනීමට වියදම් කරන්න. මේ ඉන්ධන හිඟයක් පවත්වා ගෙන යන්නේ රටේ තියෙන ඉතිරි සම්පත් එකත් විදේශිකයින්ට විකිණීමටයි. සාපයක් වූ නන්දලාල් ඕස්ට්‍රේලියාවටම යන්න...

:       0       9

සිල්වා Sunday, 26 June 2022 11:39 AM

කොපමණ මිල ඉහළ දැමුවද ජනතාවට පෝලිමේ ඉඳලා තෙල්ගන්න ශක්තිය තිබෙනවා. නමුත් ආනයනය කරන්න රජයටයි බැරි...!

:       0       2

manjula Sunday, 26 June 2022 12:22 PM

දැන් නම් හොඳටම සැපයි...!

:       0       3

Prabha Sunday, 26 June 2022 12:30 PM

ඉන්දියන් තෙල්සමාගමත් දුවලා තියෙන්නේ පාඩුවටද?

:       0       6

Hemantha kumara Sunday, 26 June 2022 01:31 PM

රුපියලයිනේ මදි වුනේ... ඇයි මෙච්චර වැඩි කල...? මේ අයට පිස්සුද කොහේද?

:       0       6

ranjith Sunday, 26 June 2022 01:33 PM

මේ අය නම් ලේමාපිලුන් වගේ ජාතියක්... ජනතාව ගැන පොඩ්ඩක්වත් අනුකම්පාවක් නැහැ...

:       0       8

Hafeel Sunday, 26 June 2022 03:06 PM

කොහොමද අපේ ආර්ථිකය හසුරුවන ඔස්තාර් සහ ජාත්‍යන්තර පිළිගත්තු රනිල්ගේ වැඩ. තෙල් නැතුවත් මිල වැඩි කරන අගමැති කෙනෙක් අපිට ඉන්නේ. දැන් ධම්මික පෙරේරාත් එකතු වෙලා ආර්ථිකය හදන හැටි...

:       0       11

nandaSunday, 26 June 2022 04:18 PM

ඇත්තට තෙල් නැතිව නේද මිල වැඩි කරන්නේ... ජාතියේ කරුමෙට පහළ වෙන නායකයෝ...

:       0       6

Anura Sunday, 26 June 2022 04:26 PM

ඊයේ පෙරේදා තෙල් නැවක් ආවෙත් නැහැ.. ඉතින් කොහොමද මේ තෙල්වල මිල වැඩි වුනේ? මෙතැන තනිකරම වුනේ රජයේ බදු වැඩි කරගැනීමක්.., මෙච්චර අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් හූරාගෙන කනවා..! 

:       0       4

Perera Monday, 27 June 2022 12:44 AM

මිල වැඩි කළාට රටේ තෙල් නැහැ.. එන්නේ කවද්ද කියලා දන්නෙත් නැහැ...

:       0       1

Prasheen Monday, 27 June 2022 04:45 AM

මිලියන 20ම පාරට බහිමු. ඉන්න අයටත්, හිටපු අයටත් ඉස්සරහට මේක කරන්න බලන් ඉන්න අයටත් තේරෙන්නම...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site