IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්ධන ප්‍රශ්නෙන් ගුවන් කුරුල්ලෝත් නිහඬ වෙති

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන ප්‍රශ්නය නිසා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර්  පියාසර කිරීම්ද සීමා කර ඇතැයි ගුවන් ​ හමුදාව පවසයි.

මේ අනුව    ගුවන් හමුදා ආධුනික  නියමුවන්ගේ පුහුණුවීම්  සහ  ගුවන් ආවේක්ෂණ කටයුතු වෙන වෙනම නොව  එකට සිදු කරන ලෙස ගුවන් හමුදාපතිවරයා උපදෙස්දී  ඇත.

මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පැවසුවේ  ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස එම  ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවයි.

කෙසේ වෙතත් හදිසි ගලවා ගැනීම් සහ ආපදා තත්වයන් සඳහා  මුහුණදීමට ගුවන් යානා කිහිපයක් සීරුවෙන් තබා ඇතැයිද  ඔහු සඳහන් කළේ‍ය.

සාමාන්‍යයෙන් හෙලිකොප්ටර්  යානයක්  පැයක කාලයක්  පියාසර කිරීම සඳහා  ඉන්ධන ලීටර් පන්සියයක් පමණ වැයවන  බව ගුවන් හමුදාව පවසයි.

මේ අතර  අත්‍යවශ්‍යම රාජකාරි සඳහා පමණක් වාහන යොදවා ගන්නැයි  ගුවන් හමුදාපතිවරයා දිවයින පුරා සියලුම ගුවන් හමුදා කඳවුරු වල  ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත්වෙන රැස්වීම් සහ සාකච්ඡා සඳහා  පිට පළාත්වලින්  නිලධාරීන් කැඳවීමද ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන්  සීමා කරනු ලැබ ඇත.

බොහෝ සාකච්ඡා සඳහා ඒ නිලධාරීන්  සූම්  තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නැයි ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් උපදෙස්දී  ඇත.



අදහස් (0)

ඉන්ධන ප්‍රශ්නෙන් ගුවන් කුරුල්ලෝත් නිහඬ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site