IMG-LOGO

ඉන්ධන ප්‍රවාහන කරුවෝත් සේවයෙන් ඉවත් වෙති

(මහින්ද නිශ්ෂංක)

ලංකා ඛණාජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියෝ(බවුසර්) අද(15) මධ්‍යම රාත්‍රියේ සිටි සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද(15) හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛණජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්ධන මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස සංගමය පාලනාධිකාරියෙන් ඉල්ලිමක් කල බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් කීය.

දැනට සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීම ස`ඳහා පෞද්ගලික ටැංකි රථ 800 ක් පමණ සේවයේ යෙදවනු ලබයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (3)

ඉන්ධන ප්‍රවාහන කරුවෝත් සේවයෙන් ඉවත් වෙති

SL Tuesday, 15 March 2022 11:20 PM

ඔක්කොම හොරා කන්න ,ඉල්ලන්න වැඩි කරන්න .... හැම දෙයක්ම වැඩි වේවි තියෙයි.

:       0       0

Prabha Wednesday, 16 March 2022 01:33 AM

මේක නම් අනිවාර්යයෙන්ම අනුමත වේවි.මොකද වැඩි හරියක් තියෙන්නේ බල පුළුවන් කාරයන්ගේ වාහන නේ

:       0       2

fairoos Wednesday, 16 March 2022 12:35 PM

රට බංකොළොත් කරපු මේ කාලකණ්ණි ආණ්ඩුව ගෙදර යවමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site