IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන ජාවාරමේ යෙදුණු හතක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)

පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ පෙට්‍රල් තොගයක් පිටස්තර ලොරි රථ දෙකකට අලෙවි කළ පිරිසක් පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ආණමඩුව හා පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් සැකකරුවන් හය දෙනකු,ඉන්ධන බවුසරය හා ඉන්ධන මිළදි ගැනිමට ගත් ශීතාගාර සහිත ලොරි රථ දෙකක් අත් අඩංගුවට ගෙන ඇත.

ආණමඩුව පොලිසියට ලැබුන තොරතුරක් මත ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ නිවසක ඉන්ධන බවුසරයකින් හොර රහසේ ලොරි රථවලට ඉන්ධන ලබා දෙන බවට දුන් තොරතුරක් මත වැටලිමක් සිදු කර තිබේ.

ඒ වන විටත් අදාල මෙම ඉන්ධන බවුසරයෙන් පෙට්‍රල් ලබා ගනිමින් තිබු ශීතාගාර ලොරියක් පුත්තලම දෙසට යමින් තිබු බවත් ඒ පිළිබදව ආණමඩුව පොලිසිය කඩිනමින් ඒ පිළිබදව පුත්තලම මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශයට දැනුම් දීමේන් පසු අදාල ලොරි රථය පුත්තලම කුරුණැගල මාර්ගයේ 4 කනුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබුනී.

එය පරික්ෂා කිරිමේදි බැරල් 20 ක පෙට්‍රල් ලීටර් 4000 ක් සොයා ගැනිමට පුත්තලම මූලස්ථාන පොලිසියේ නිළධාරිහු සමත් වූහ.   ලොරි රථයේ සැකකරුවන් දෙදෙනාද අත් අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ වැටලිමට එක්වු ආණමඩුව පොලිස්ථානයේ නිළධාරින් විසින් ඉන්ධන බවුසරය, පෙට්‍රල් ලීටර් 9200  හා පෙට්‍රල් ලබා ගැනිමට පැමිණ තිබු තවත් ශීතාගාර සහිත ලොරි රථයක් හා බැරල් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු අත් අඩංගුවට ගැනිමට සමත් ව තිබේ.

කොළඹ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් ආපදාවකට ලක්විමත් සමග මාදම්පේ ප්‍රදේශයෙදි තවත් බවුසරයකට ඉන්ධන පුරවා ඇති අතර එම ඉන්ධන ආණමඩුව තෝනිගලට ප්‍රදේශයෙදී මෙසේ ජාවාරමේ නිරත වී ඇති බව කියයි.

මෙම පෙට්‍රල් මන්නාරම සිලාවතුර ප්‍රදේශයට රැගෙන ගොස් එහිදි ධිවර යාත්‍රාවලට මෙම ඉන්ධන නිකුත් කරන මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හා ඉන්ධන බවුසරය හා ලොරි රථ දෙක ආණමඩුව හා පුත්තලම අධිකරණ වෙත  අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී

 



අදහස් (0)

ඉන්ධන ජාවාරමේ යෙදුණු හතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site