IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ

විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.

විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවී ඇතැයි නව රජය පවසා තිබේ.

පාකිස්තානය තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීම කළේ යුක්රේනයෙනි. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ගැටලු මතු වී ඇත.

පාකිස්තානයේ බලශක්ති පිරිවැය පෙබරවාරියෙන් අවසන් වූ මාස නවය ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 15 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, අමතර නැව්ගත ගාස්තු සඳහා මුදල් ගෙවීමට පාකිස්තානයට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.

මෙගාවොට් 3,500 ක විදුලිය ධාරිතාවක්, පාකිස්තාන විදුලිය බල පද්ධතියට එක් කරන ප්‍රධාන විදුලි බලාගාර අකර්මණ්‍ය වී ඇති බවත්, එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 13 වැනිදා බවත් පාකිස්තානයේ නව මුදල් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසා තිබේ. පාකිස්තාන නව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ මිෆ්තා ස්මයිල්ය.

ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.

ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙපරා දැමීමට, ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට පාකිස්තානයේ තවත් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ලැබුණි.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, ජනතා පක්ෂයේ සාමාජිකයන්ට ද ඇමැති ධුර ලබා දීමට ෂෙහ්බාස් ෂරීෆ් කටයුතු කළේය.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ, රටේ ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බව චෝදනා නගමිනි.

(රොයිටර්)



අදහස් (4)

ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ

කමල් Tuesday, 19 April 2022 01:32 PM

යාන්තං ආණ්ඩුවට උත්තරයක් හම්බවුනා.

:       0       0

ජනයා Tuesday, 19 April 2022 01:56 PM

වැඩි පොලියට චීනෙන් ණය ගන්න එක හොදයි කියන අය ඉස්සරහට ඇවිත් මූණ පෙන්නන්න බලන්න.

:       0       0

Praneeth Tuesday, 19 April 2022 03:13 PM

අපේ වගේ තමයි...

:       0       0

M.O.A.Csreem Tuesday, 19 April 2022 10:25 PM

ජේ. ආර්. ගේ රන්දෙනිගල සහ අනිකුත් විදුලි බලාගාර නැතොත් අද? ම.රා අවුරුදු 27ක් මේ රට කෑව. රට බංකොළොත් !!! කයිවාරු නැතුව වැඩ කරන්ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site