
(හේමලතා ඩී.හේවගේ සහ රවීනිදු ලියනගේ)
දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ (9) මියගොස් ඇතැයි ද ඔහු දින දෙකක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇතැයි ද පොලිසිය පවසයි.එසේ මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.
දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.
ඔහු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව සිය මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ගන්නා ආ දෙදෙනෙක් මරුට