(ඩයනා උදයංගනී)
ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ පවසති.
ඉන්ධන හිඟවීම හේතුවෙන තේ දළු නිසිවේලාවට ප්‍රවාහනය කිරීමට නොහැකිවීම, තේ පැල හා පොහොර ප්‍රවාහනයට හා තේ නිෂ්පාදන වෙළඳපල වෙත ගෙනයාමට බාධා ඇතිවීම, විදුලි කප්පාදුව සිදුවන කාලයේදී තේ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ජනක යන්ත්‍රයන්ට (ජෙනරේටර්) අවශ්‍ය ඉන්ධන නොමැතිවීම ආදිය හේතුවෙන් තේ වතු හිමියන් මෙන්ම කර්මාන්තශාලා හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම කර්මාන්තකරුයෝ සඳහන් කරති.
සමස්ත ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තේ දළු නෙලීමෙන් පසු ඒවා එදිනම කර්මාන්තශාලාවට ගෙනැවිත් දළු ඇඹරීම ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවත්, ඉන්ධන අර්බුදය නිසා එම කාර්යයට දැඩි බාධා එල්ල වී ඇති බවත්ය.
තේ දළු මැලවීමට පෙර ඇඹරීමට නොහැකිවුවහොත් තේවල රසය හා ගුණාත්මය අඩු වන බව කී හේරත් මහතා එයින් තේ අපනයනයට ද බලපෑම් එල්ල විය හැකි බව කීවේය.
මේ දිනවල රුසියාවට සිදුකරන තේ අපනයනයන්ට ද බාධා එල්ල වී ඇති තත්වයක් තුළ මෙරට තේවල ගුණාත්මය අඩු වුවහොත් සෙසු වෙළඳපලවලට තේ අපනයනය කිරීම ද ගැටලුවක් විය හැකි බව හෙතෙම පැවසීය.
තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථවලට දුෂ්කරතා මධ්‍යයේ පෝලිම්වල සිට හෝ ඉන්ධන ලබාගන්නා නමුත් කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයි සභාපතිවරයා කීවේය.
විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි ජනක යන්ත්‍ර මගින් තේ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පමණක් පැයකට ඉන්ධන ලීටර 30ත් 35ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඒ අනුව පැය 5ක විදුලි කප්පාදුවක් සිදුවුවහොත් ඉන්ධන ලීටර 200ක් පමණ අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඉන්ධන අර්බුදය තේ කර්මාන්තයටත් වදී
අප්පුහාමි Friday, 18 March 2022 08:10 AM
ඉඩම් වෙන්දේසි කරුවෙක් ඉඩම විකිණීමට පෙර කරන්නේ ඉඩමේ තියෙන වගාවන්ගේ ආදායම් අහිමි කිරීමයි. ඉන් පස්සෙ ගස් වැල් ගලවා ඉවත්කර මුඩුබිමක් බවට පත් කරනවා. සාමාන්‍යයෙන් ගමේ මිනිහෙක් ගමේ ඉඩමක් වෙන්දේසි කරනවා අඩුයි කරන්නේ පිටින් ආපු කෙනෙක්. මේ කරන්නේ ලංකාව වෙන්දේසියේ විකිණීමේ මූලික කටයුතු කියලා කියන්න පුළුවන්...!
සී.යූ Friday, 18 March 2022 12:53 PM
වර්තමානයේ රටේ ඇතිවී තිබෙන අර්බුදයට හේතුව රටේ ආර්ථිකය රටට නොගැලපෙන ලෙස 1977 සිට සිදු කරන ලද විවෘත අර්ථික ප්‍රතිපත්තියේ ඇති අහිතකර ප්‍රතිඵලවල සමුච්චය බව පැහැදිලි වේ. එසේ නොවුනා නම් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ජනතාව හුරුවනු ඇත. මේ නිසා සද්භාවයෙන් මේ රට ගොඩ නැගීමට පැමිණෙන ඕනෑම අයෙකුට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනිතව ඇති අහිතකර සංස්තෘතියට අභියෝගාත්මකව මුහුණ දීමට සිදුවනු ඇත. නමුදු ජනපතිතුමනි, ඔබගේ අධිෂ්ඨානය වන රට ගොඩනැගීම කෙරෙහි විශ්වාස කරන සුවිශාල පිරිසක් රටතුළ ඇත. ඔබ අතීතයේ කොළඹ සකස්කළ ආකාරය ප්‍රසංශනීයයි. එබැවින් ඔබට ශක්තියක් වීමට මෙසේ ලියමි..