IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්ධනහලේ කළමනාකරු තෙල් පන්නද්දී මාට්ටු

(සුමිත් පොතුපිටිය)

ඉන්ධන නොමැතිව දින 36ක් තිස්සාසේ වසාදමා තිබූ මග්ගොන පිරවුම්හලේ කළමණාකරු අද (16) රාත්‍රි විදුලි විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් ලීටර් 25 ක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලුහුබැඳ අල්ලා පයාගල පොලිසියට බාරදී තිබේ .

මග්ගොන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් ඉකුත් ජුනි 20 දා සිට  ඩීසල් හෝ පෙට්‍රල් නිකුත් කර නොමැති අතර , එහි භූගත ටැංකියක තිබූ පෙට්‍රල් මෙලෙස රැගෙන යන්නට ඇති බවට සැකපලකරන බව පොලිසිය පවසයි.

සැකකරු විදුලිය විසන්ධිවී ඇති මොහොතේ ත්‍රිරෝද රථයකින් පිරවුම්හලට පැමිණ පෙට්‍රල් ලීටර් 25 ක් ප්ලාස්ටික් කෑන් එකක බහා එය පොහොර උරයකින් ආවරණය කර ත්‍රීරෝද රථයේ පිටුපස සගවා රැගෙන යන ආකාරය ත්‍රීරෝද රථ රියදුරකු දැක ලුහුබැඳ ගොස් මග්ගොන නගර මධ්‍යයේ මග හරස් කොට නවතා තවත් පිරිසක් සමග එක්ව සැකකරු අල්ලා භාරදුන් බව පොලිසිය සදහන් කරයි.

මෙසේ පොලිසියට භාරදි ඇත්තේ බේරුවල , මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.

සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කෙසේ වුවද භූගත ටැංකිවල තවත් පෙට්‍රල් ඇත්නම් තමන්ට ලබාදෙන ලෙසට විශාල පිරිසක් ඉල්ලා සිටි අතර පොලිසිය එය පරීක්ෂා කිරීමේදී ලීටර් 200ක් එහි තිබී බෙදා දී ඇත.

 



අදහස් (1)

ඉන්ධනහලේ කළමනාකරු තෙල් පන්නද්දී මාට්ටු

වීරවිජේ Sunday, 17 July 2022 02:29 PM

ත්‍රීවීල් කාරයින්ගේ ගෙවලුත් පරීක්ෂා කරා නම් ලීටර් 100 ගානෙවත් අඩුම ඇති.. මේ අය නම් රටට සාපයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 543 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site