
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉන්දියාවේ මහත්මා මන්දීර් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි .
ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් නිතේෂ් කුමාර් මිශ්‍රා මහත්වරුද එම හමුවට එක්ව සිටියහ.
දෙරට අතර අධ්‍යාපන, තාක්ෂණ, ක්‍රීඩා, සංස්කෘතික වැනි අංශ ගණනාවක් ඔස්සේ තරුණ හුවමාරු වැඩසටහන් පැවැත්වීම පිළිබදව මෙහි දී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත්, ඉදිරියේ දී තරුණ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බවත් ඉන්දීය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා මහතා ප්‍රකාශ කළේය.
බිම්ස්ටෙක් තරුණ සමුළුවට සත්කාරකත්වය දැක්වීම පිළිබඳව ඉන්දියාවට ස්තූතිය පළ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහි දී පැවසුවේය.
ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ , අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉන්දියාව වෙත ගිය අතර, එම සමුළුව අතර මෙම සාකච්ඡාව සිදු විය. සමුළුව පෙබරවාරි 11 වෙනිදා දක්වා පැවැත් වේ.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති
ගුණරත්න Monday, 10 February 2025 03:07 PM
අපේ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිතුමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් කියලා ආරංචියක් ආවා. එතුමාටත් එතුමාගේ නායකතුමා හදන්න යන රට ගැන විශ්වාසයක් නැතුව වගේ...