ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.
ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.
මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසෙයි.
2014 වසරේ සිට ඉන්දියාවට ශක්තිමත් නායකත්වයක් දෙන්නේ නරේන්ද්‍ර මෝදිය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඔවුන්ට හිතවත් දේශපාලන පක්ෂ සමඟ සන්ධාන ගතවී සිටී. මෙම සන්ධානය හැඳින්වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යනුවෙනි.
මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වෙයි. පොදුවේ, භාරතීය ජනතා පක්ෂය ද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, 400 කට වඩා වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් වනු ඇතැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර තිබේ.
මෝදි දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදීය. එම මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303 කි. එය අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. 1980 වසරේ දී හින්දු ජාතිකවාදී පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය දේශපාලන කරළියට අවතීර්ණ වීමෙන් පසු එය මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් දිනූ පළමු අවස්ථාව මෙය විය.
හෙට (19) පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කෙරේ. මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇත.
මහ මැතිවරණයට සියලු කටයුතු සූදානම් වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ පසුගිය දා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති කරමින්, රැකියා උත්පාදනය වැඩි කිරීමට, යටිතල පහසුකම් නැංවීමට සහ සුබසාධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ප්‍රතිඥා දී තිබේ.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දීය මහ මැතිවරණය හෙට
Lakmal Thursday, 18 April 2024 09:50 AM
මෝදි ට ඇපත් නැති වෙයන්
fairoos Thursday, 18 April 2024 11:35 AM
මෙවරත් මෝදි තමයි දිනන්නේ. එහෙත් ලංකාවේ වගේ තමයි