IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද

අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි.

ඉන්දියාවේ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රවලිනි. මෙම යන්ත්‍ර බැටරියෙන් ක්‍රියාත්මක වෙයි. ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දය ප්‍රකාශ කරන යන්ත්‍රයේ ඡන්ද තහවුරු කිරීමට තවත් යන්ත්‍රයක් ද ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන්නේ, ඡන්ද දායකයා සිය මනාපයට අදාල බොත්තම තද කිරීම පමණි. එහිදී ඡන්දය දුන්නේ කාටද යන්න යන්ත්‍රයේ තිරයේ දිස්වෙයි.

මැතිවරණ කටයුතු අවසානයේ ඡන්ද ප්‍රකාශ කිරීම යන්ත්‍රයත්, තහවුරු කිරීමේ යන්ත්‍රයත්, පසුව මුද්‍රා තබා (සීල් කර), එම ඡන්ද කොට්ඨාශය තුළ ආරක්ෂිතව තබයි.

ඡන්ද ගණන් කරන අවස්ථාවේදී, මැතිවරණ බලධාරීන්, මෙම යන්ත්‍ර එළියට ගැනීම සිදු කරන්නේ පක්ෂ නියෝජිතයන් ඉදිරියේය. යන්ත්‍රවල ප්‍රතිඵලය පෙන්වන බොත්තමක් ඇති අතර එය තද කළ සැණින් ප්‍රතිඵල දැක ගත හැකිය. මෙය මිනිත්තු කීපයක ක්‍රියාදාමයකි.

පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

73 හැවිරිදි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ මෙවර මැතිවරණයෙන් ආසන400 කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමය. එසේ වුවත්, සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ, අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350 ත් 380 ත් අතර සංඛ්‍යාවක් පමණක් දිනා ගනු ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය ඡන්දයේ ප්‍රතිඵල අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site