IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය කි‍්‍රකට් ලොක්කා තනතුරෙන් යන්නේ නැතිලූ

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය දිනෙන් දින තීව්ර වෙමින් පවතින නමුත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් තමන් කටයුතු කරන බව එන්. ශී‍්‍රනිවාසන් මහතා පවසයි.

ඉතා ප‍්‍රවේසමෙන් සකස් කරන ලද ලිපියක් කියවමින්, තමන්ට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සෙසු නිලධාරීන්ගේ සහයෝගය ඇති බවත්, තනතුරෙන් ඉල්ලා අස්වන්න’යි කිසිවකු තමන්ගෙන් ඉල්ලා නැති බවත් ශී‍්‍ර නිවාසන් මහතා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් පතේ නිල වෙබ් අඩවිය අද (ඉරිදා) වාර්තා කළේය.

මේ අතර සිය බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන්ගේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවද ශී‍්‍රනිවාසන් මහතා විසින්ම ප‍්‍රකාශයට පත්කරන ලදි. ගුරුනාත් මෙයියප්පන් මහතා සම්න්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු සාධාරණ ලෙසින් කරනු ලබන බවටද හෙතෙම පොරොන්දුවිය.

”අපි පළමුව පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු බලා ඉමු. කවුරුන්ද වැරදිකාරයා කියලා ඉන් පස්සේ කියතැකි”
”වැරදිකාරයාට නිතියේ ආකාරයට දඬුවම් දෙවනු ලබන බවට මා ඔබලාට සහතික වෙනවා. ඒත් වැරදිකාරයා යයි ඔප්පු වන තුරු කිසිවකුට එරෙහිව පවතින්නේ චෝදනා පමණයි” යයිද ශී‍්‍රනිවාසන් මහතා පැවසීය.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්නොවූයේ මන්ද යයි වාර්තාකරුවන් කළ විමසීමකදී ශී‍්‍රනිවාසන් මහතා පවසා සිටියේ තමන් කිසි වරදක් නොකළ බවයි.

”මා කිසි වරදක් කරලා නෑ. අනුන්ගේ වැරදි මා පිටින් යන්න  ඕනැත් නෑ”
”මට කරන්නට කාර්යයක් තිබෙනවා. මා එය කරනවා” යයිද ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා පැවසීය.

(හින්දුස්තාන් ටයිම්ස් අනුග‍්‍රහයෙනි)

 



අදහස් (0)

ඉන්දීය කි‍්‍රකට් ලොක්කා තනතුරෙන් යන්නේ නැතිලූ

සුමී Sunday, 26 May 2013 10:13 PM

බඩුත් හොරුන්ගේ නඩුත් හොරුන්ගේමි අර්ජුන කියපුව හරියගෙන එන්නේ දැන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site