IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියා ආගමනෙන් ලක් මාධ්‍යවේදියන්ට හිරිහැර

ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිලධරයන්ගේ  හිරිහැරවලට ලක්වූහ.

වලංගු වීසා හා සියලු ලියැවිලි තිබිය දීත් ඔවුහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබූහ.

ඩේලිමිරර් පුවත්පත් කලාවේදී ලක්මාල් සූරියගොඩ හා ඩේලි නිවුස් පුවත්පත් කලාවේදී සාරා පතිරණ පසුගිය පළමු වැනි දා ජෙට් එයාවේස් ගුවන් යානයෙන් මුම්බායි නුවරට ගියහ.

එහි ආගමන කවුන්ටරයේ දී ඔවුන් අත තිබූ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දුටු   ආගමන නිලධාරිනියක ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් කුමක් සඳහා පැමිණියේ ද යන්නයි.

ඔවුන් සිය ලියැවිලි ඇයට පෙන්වූ නමුත් ඇය ඉන් සෑහීමකට පත් නොවී ඔවුන් දෙදෙනා රඳවාගෙන, පසුව උසස් නිලධරයකු ඉදිරියට යොමු කළාය.

එම නිලධරයා ඔවුන්ගේ ලියැවිලි බලා ඔවුන් මුදා හළේය.

 



අදහස් (0)

ඉන්දියා ආගමනෙන් ලක් මාධ්‍යවේදියන්ට හිරිහැර

සම්පත් Friday, 06 December 2013 01:59 PM

රාවණා රජුම එන්න ඕන මුන්ට පාඩමක් උගන්වන්න. (ස)

:       0       0

ලහිරු Friday, 06 December 2013 02:01 PM

ඒකට මෙහේ එවුන්, මල්මාලා දාල පිළිගන්නේ. (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 06 December 2013 02:19 PM

වැදගත් රටකට නෙ ගිහින් තියෙන්නේ. (ස)

:       0       0

අකිල Friday, 06 December 2013 02:22 PM

රත්තරන් තියෙනවද කියල බලන්න ඇති. (ස)

:       0       0

කසුන් Friday, 06 December 2013 02:32 PM

මටත් ඔය ඉන්දියාවේ ගුවන් තොටුපොල වල සිදුවෙච්ච කෙනහිලිකම් ගැන අත්දැකීම් තියනවා. ඒකක් ඒගොල්ලන්ට තියෙන ඊර්ෂාව. තමන්ට රට රටවල් වල යන්න බැරිවීම අනෙක වැඩි හරිය දේශපාලනය හරහා ගත්ත පත්වීම්. (ස)

:       0       0

නිශාර්ඩ් Friday, 06 December 2013 02:39 PM

ආගමන නිලධාරීන් කරලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙ රාජකාරිය. මට හිතෙන්නෙ. (ස)

:       0       0

විජේසිරි Friday, 06 December 2013 03:13 PM

ඉන්දියාවේ ගියොත් ඔහොම්මම තමයි...ලංකාවේ සිංහල මිනිස්සුන්ට හිරිහැර කරනවා..උන් හිතාගෙන ඉන්නේ මේකත් උන්ගේ රට කියලද දන්නෑ... (ස)

:       0       0

රූපවතී Saturday, 07 December 2013 12:44 AM

ඔය තූත්තිකඩිය හැර අපේ මාද්‍ය වේදීන්ට ප්‍රවෘත්ති හොයාගන්න වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද? (නදී)

:       0       0

අතපත්තු Friday, 06 December 2013 03:21 PM

අපි මොවුන්ට සලකනවා හොඳ වැඩියි...ඒක නිසා තමයි අපේ මිනිස්සු ඒ රටට ගියාම ඒ මිනිස්සුන්ට ඔය විදියට සලකන්නේ.... (ස)

:       0       0

ඒලියන් Saturday, 07 December 2013 12:59 AM

අපේ අය පිට රටවල් වලට තවත් කත් අදින්න. එතකොට හරි. ඔය අය ගණන් උස්සන්නේ අපේ ලොකු තැන් වල වැරදි නිසා. ගණන් ගන්න ඕනේ නැහැ ඔය ක්‍රිකට් ටීම් එකත් එකයි අනිත් දේවලුත් එකයි.(නදී)

:       0       0

මාතර දුසන්ත යග්ගහවිට Saturday, 07 December 2013 01:38 AM

අන්තවාදි කොටස් කරන අපරාද ගැන ලෝකය මොනවද නොකියන්නේ. සිද්දීක් නවනීදන් පිල්ලේ ඉන්දියාවේ මාද්‍ය නිදහස ගැන මොනවද කියන්නේ.(නදී)

:       0       0

රන්ජන් Friday, 06 December 2013 04:40 PM

ඔහේ ඉන්න ඔක්කොමල කොටියෝම තමා. (ස)

:       0       0

අජිත් Saturday, 07 December 2013 05:50 PM

අපේ කස්ටම් එකෙනුත් උන්ව ටිකක් ආර්ටර් කෙරුවනම් හරි. (ස)

:       0       0

රාමා Friday, 06 December 2013 05:19 PM

ඉතින් ඕව කියන්නකෝ අර එංගලන්තේ අගමැති තුමාට එවෙලේම පියවරයක් ගනීවි ලංකාවට වගේ. මානව හිමිකම් කඩ කල කියලා

:       0       0

ජයකොඩි Friday, 06 December 2013 05:27 PM

ඉන්දියන් අයට ලංකාවට ඇතුළු වෙන්න දෙන්න එපා (නි)

:       0       0

සත්‍යා Friday, 06 December 2013 05:54 PM

අපේ බියගුළුකම නිසා ශ්‍රී ලාංකිකයින් විවිධ රටවලදී හිංසාවට භාජනය වෙනවා. (නි)

:       0       0

ලකී Friday, 06 December 2013 05:56 PM

සම්පත්, ඇයි ඒ? (නි)

:       0       0

කුමාරි Friday, 06 December 2013 12:42 PM

ඉන්දියානුවන් දැන් හැම කෙනෙක්ම ජයලලිතාගෙ අතකොළු වෙලා වගේ. (ස)

:       0       0

ප්‍රනීත් පෙරේරා Friday, 06 December 2013 12:54 PM

ඉන්දියාව සමාව ගන්න ඕන. කෝ මාධ්‍ය නිදහස. (ස)

:       0       0

ලලිත් Friday, 06 December 2013 12:55 PM

මොන එහෙකට යනවද මන්දා ඔය රටට. (ස)

:       0       0

ෂපීක් Saturday, 07 December 2013 10:24 AM

මම හිතුවා දකුණ විතරයි අපට එරෙහි වෙන්නේ කියා. (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 01:04 PM

ඒ කියන්නේ එහේ ගියත් වැඩක් නෑ! (ස)

:       0       0

අනු Friday, 06 December 2013 01:18 PM

කෝ මේ නිදහස් මාධ්‍යවේදියන් ගේ සංගමය. (ස)

:       0       0

බිංදු Friday, 06 December 2013 01:19 PM

මෙහෙන් ඉගෙන ගන්න ඇති. (ස)

:       0       0

අමිල Saturday, 07 December 2013 10:55 AM

ලංකාවේ අය ඉන්දියාවේදී හැසිරෙන්න ඕන විදිය දන්නේ නෑ, ඔය වගේ වෙලාවට බුලත් විටක් කන්න කීයක් හරි දුන්න නම් කිසිම ප්‍රශ්නයක් නෑ. (අ_

:       0       0

ජානු Friday, 06 December 2013 01:46 PM

අපෝ ඉන්දියා වල ආගමනේ ඉන්නේ බාගෙට බාගයක් උගත් කමක් නැති දේශපාලන බලපෑම් කරලා ආපු නිලධාරීන්. මහා ජරා ගැණු ඉන්නේ.එක පාරක් අපිටත් ඔය දේම උනා. බොරුවට කරදර කරනවා. ඉහල උන්ට ටිකක් මොලේ තියෙන උන් නිසා තේරුම් අරගන අපිව ඇරියා. (ස)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Friday, 06 December 2013 10:12 PM

දැන් ඉංදියාවේ චෙන්නායි , බොම්බේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම වගේ සිංහල කිව්වොත් බලන්නේ අමුතු විදිහකට. (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 06 December 2013 01:54 PM

නිදහස් මාධ්‍යවේදීන් එලියට බහින්නේ යාපනේ උදයන් එකේ අයට මොනවා හරි වුනොත් විතරද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site