(සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතිකවී ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමිනි
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
"ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක දී ඔබ අග්‍රාමාත්‍ය ධූරයට පත් වී ඇත. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශ්වාස මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස, අපගේ 'අසල්වැසියා පළමුව' ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව මම ඔබට සහතික වීමට කැමැත්තෙමි.
වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාර සබඳතා මත පදනම්ව අපගේ ආදර්ශමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් අගමැති දිනේෂ්ට ලිපියක්
sharm warn Tuesday, 02 August 2022 02:27 PM
දොරටුපාලට තේරුණාද මන්දා ඉන්දියාවෙන් කිව්වේ මොකද කියලා...
chandima Tuesday, 02 August 2022 05:44 PM
මුද්දර අඩුවෙන් ගහලා තියෙන්න ඇති. ඒකයි ලියුම පරක්කු වෙලා ආවේ...