IMG-LOGO

ඉන්දියාවේ වැඳිරියක් බෙහෙත් ගන්න ඇවිල්ලා

වැඳිරියක, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගම්බද ප්‍රාදේශීය රෝහලකට ප්‍රතිකාර සදහා පැමිණීමේ පුවතක් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වැඳිරිය රෝහලට පැමිණ ඇත්තේ උගේ පැටියා ද තුරුළු කරු ගනිමිනි. මෙම සිද්ධිය බොහෝ දෙනා මවිත කිරීමට සමත් වූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමට ආ වැඳිරියගේ වීඩියෝ දසුන් එන්.ඩී.ටීවී. හරහා ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

එන්.ඩී.ටීවී පුවත් සේවය වාර්තා කරන ආකාරයට සිද්ධිය මෙසේය.

බිහාර් ප්‍රාන්තයේ සසරාම් ෂහිජාමා ප්‍රදේශීය රෝහලට  මෙම  වැඳිරිය පැමිණ, එහි වෛද්‍යවරයාගේ කාමරයට ගොස් රෝගීන්ගේ ඇඳට ගොඩවී වෛද්‍යවරයාට ඉඟි කර ඇත්තේ ප්‍රතිකාර ලබා දෙන ලෙසය.

රෝහලේ  වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ එම්.එස්. අහමඩ් ය. මුලදී වැඳිරිය ඉගි කළ දේ තේරුම් ගැනීමට ඔහු සමත් වී නැත.

ඉතා ඕනෑකමින් වැඳිරියගේ මුහුණ දෙස බලද්දී, මුහුණ සීරී තුවාල වී ඇති බව වෛද්‍යවරයාට දකින්න ලැබී තිබේ. වැඳිරිය බොහෝ සේ බියට පත් වී සිටි බව ද පැවැසෙයි.

වෛද්‍යවරයා සෙමින් කිට්ටු වී, තුවාලය පරීක්ෂා කර ඊට බෙහෙත් ගැල්වූ බවත්, බෙහෙත් ගල්වනතුරු වැඳිරිය නිසොල්මනේ සිටියාය. වෛද්‍යවරයා බෙහෙත් ගල්වා අවසන් වීමෙන් පසු පිටගැස්ම එන්නතක් ද වැඳිරියට ලබා දී ඇත.

වෛද්‍යවරයා වැඳිරියකට ප්‍රතිකාර කරනවා යැයි ආරංචි වීමත් සමඟ රෝහල අවට ගම්වැසියන් එය නැරැඹීමට රෝහල වටා රොක් වූ බව ද එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉන්දියාවේ වැඳිරියක් බෙහෙත් ගන්න ඇවිල්ලා

යෝගා Thursday, 09 June 2022 10:20 AM

අපේ රටේ නම් වැඳිරියට ෆාමසියෙන් ගන්න බෙහෙත් තුණ්ඩුවක් දීලා, හවසට ඩිස්පැන්සරියට එන්න කියයි.

:       0       45

rs Thursday, 09 June 2022 01:37 PM

මනුස්ස පරිනාමය ආපස්සට යන්නයි හදන්නෙ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site