(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කිසිම විටකත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනට යාමටත් එතැන් සිට සිංගප්පූරුවට යාමටත් ඉන්දියාව පහසුකම් ලබා නොදුන් බව ආචාර්ය ජයිශංකර් මහතා එහිදී ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වැනි අර්බුදයක් ඉන්දියාවේ ඇති වීමට ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවට කෙසේ බලපෑමක් එල්ල වේ දැයි ඉන්දියාව කණසල්ලෙන් පසුවන බව ආචාර්ය එස්.ජයිශංකර් මහතා පැවසුවේය.
ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව අනෙක් කිසිම රටකටත් වඩා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතැයි ආචාර්ය එස්.ජයිශංකර් මහතා වැඩි දුරටත් පැවසුවේය.
නොමග යවන සුළු සැසඳීම් උපුටා දක්වමින් ඇතැම් පුද්ගලයන් ඉන්දියාවේත් එවැනි ආර්ථික අර්බුදයක් ඇති වීමට අවස්ථාව තිබේ දැයි ප්‍රශ්න නගන බව එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය,ආම් ආද්මි පක්ෂය,ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය,නැෂනල් කොන්ෆරන්ස් පක්ෂය,තිලඟන රාෂ්ට්‍ර සමිති,බහුජන සමාජ පක්ෂය,වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය, එම්.ඩී.එම්.කේ පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්දියාව මෙරට තත්ත්වය ගැන කණස්සල්ලෙන්
nirmal Wednesday, 20 July 2022 03:52 PM
ආයෙත් වැඩ පටන් අරන්. අපිත් කනස්සල්ලෙන්...
සනුක Thursday, 21 July 2022 09:02 AM
ඉන්දියාවේ භාණ්ඩාගාරය පෝසත්.... මහජනයා දුප්පත්.