ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී, නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි.
විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ හැපුණු බවත් පැවැසෙයි.
අනතුරුන් දුම්රිය දෙකේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගියේය. ඒවායේ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි. අනතුරට හේතුව සංඥා දෝෂයක් බව සැක කෙරේ.
මීට මාස කීපයකට පෙර, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරක් සිදුවිය. එම අනතුරින් 280 ක් ජීවිතක්ෂයට පත්වූහ.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ