ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය.
ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අත්හදා බැලුවේ ‘අග්නි 5’ යනුවෙන් නම් කළ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයයි.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ ඔඩීෂා ප්‍රාන්තයට අයත් ‘අබ්දුල් කලාම්’ දූපතේ සිටය.
‘අග්නි 5’ මිසයිල අත්හදා බැලීම ඉතා සාර්ථකවූ බව නිවේදනය කළේ ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි ය.
අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩය අනුව, ‘අග්නි 5’ මිසයිලයට කිලෝ මීටර් 5,400 ක ඉලක්කයකට ඉතා නිවැරදිව යාමට හැකියාව තිබේ.
ඉන්දියාව සතු මිසයිල අතරට ‘අග්නි 5’ එක් වනු ඇත්තේ ඉන්දීය හමුදාවේ ශක්තිය තවත් වර්ධනය කර ගනිමින් යැයි ද පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි පැහැදිලි කර තිබේ.
ඉන්දියාව මෙසේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලුවේ, චීනය සමඟ දේශ සීමා අර්බුදයක් පවතින අවස්ථාවකය.
පසුගිය 9 වැනිදා ඉන්දු චීන දේශසීමාවේ දෙරටේ සොල්දාදුවන් ගැටුම් ඇති කර ගත්තේය. ගැටුම හටගත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට මායිම් වූ දේශසීමාවේය.
එහිදි දෙපාර්ශ්වයේම හමුදා භටයන් තුවාල ලැබූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවැසුවේය. ඉන්දු චීන දේශසීමාවේ අර්බුදයක් පවතින්නේ 1962 වසරේ සිටය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි
Bamunuarachchi Saturday, 17 December 2022 07:16 AM
නයි පෙනේ කරනකොට ගැරඬි වළං කැබැලි උස්සනවලු. ඔය වැඩකට නැති වියදම් නොකර නරකද ඉන්දියානු වැසියන් රේල් පාරට මුහුදුවැල්ලට නොයවා වැසිකිළි සාදා දෙනවානම්...