IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

නමුත් එලෙස ජනගහනය සියයට 12 කින් පහළ ගියත් 2100 වසරේදීත් චීනයේ ජනගහණය මෙන් 2.5 ගුණයක් ඉන්දියාවේ සිටිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේය.

ලෝක ජනගහන අපේක්ෂාවන් 2024 වාර්තාව ඊයේ (11) නිකුත් වූ අතර එම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පුරෝකථනයන් සිදු කළේය.  ඉදිරි වසර 50 - 60 ක කාලය තුළ ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් වර්තමානයේ බිලියන 8.2 ක් වන ලෝක ජනගහනය 2080 දශකය මැද භාගය වනවිට බිලියන 10.3 දක්වා ඉහළ යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

පසුව ලෝක ජනගහනය 2100 වසර වනවිට නැවතත් බිලියන 10.2 දක්වා පහත වැටෙනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.



අදහස් (2)

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක්

chandima Saturday, 13 July 2024 12:28 AM

එහෙනම් වැඩි වැඩියෙන් රේල් පාරවල් හදන්න වෙනවා වැසිකිලි යන්න ?

:       0       1

chandima Saturday, 13 July 2024 12:30 AM

හොඳ වෙලාවට රෝසි ලංකාවේ උන්නේ.ඉන්දියාවේ එහෙම උන්නා නම් කොහොමද අප්පේ මේ ගැන කියවන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site