IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා මැඬලීමට චීනයේ සහය

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට චීනය තීරණය කර තිබේ.

දකුණු ආසියානු රටවලට පැතිරගොස් ඇති කොරෝනා වයිරසය හේතුවෙන් නව දිල්ලියේ පටන් මුළු ඉන්දියාවටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ආරක්ෂණ විධි විධාන අනුව මේවනවිට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබේ.

චීනය පසුගිය සති අන්තයේ බීජිං නුවරදී, දකුණු ආසියානු රටවල් සමඟ වීඩියෝ ආධාරයෙන් සමුළුවක් පැවැත්වීය. මේ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය, පකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය යන රටවල්වලින් සෞඛ්‍ය නිලධාරීහු, ආරක්ෂක නිලධාරීහු ඇතුළු 2000ක පමණ පිරිසක් එක්ව සිටියහ.

වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥවරු සමඟ සාකච්ඡා කළ මෙම අවස්ථාවේදී චීනයේ විදෙස් කටයුතු අමාත්‍යංශය එහිදී ඉන්දියාවට උපකාර කිරීමට එකඟ විය. 

'ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මේ සමුළුවට විවිධ රටවලින් පිරිසක් පැමිණියා. චීනයේ ව්‍යාප්ත වූ වයිරසය සම්බන්ධයෙන් සියලු පැති ආවරණය කරමින් ප්‍රශ්න 80ක් පමණ අපි එහිදී සාකච්ඡා කළා' යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෙන් ෂුවෑන් මහතා ඊයේ එම අමාත්‍යංශයේදී පැවසීය.

'වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරද්දී, ලෝක ජනගහනයෙන් බහුතරය සිටින රටවල් ලෙස චීනය සහ ඉන්දියාව සැලකීම ගැන සිතන්න වෙනවා. අපි හැමෝටම මේ වයිරසය අභියෝගයක්. අපි කැමතියි අපේ අත්දැකීම් බෙදාගන්න. ඉන්දියාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. ඉන්දියාවත් චීනයත් දැන් මේ ගැන කතාකරමින් ඉන්නවා. අපි ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතාව ගැනත් හිතනවා'

'ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා, චීන ජනපති ෂී ජින්පින් මහතාට ලිපියක් යොමු කරලා තිබුණා. ඒවගේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය චීනය සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඉන්දියාවෙන් ලැබුණු ඒ ප්‍රතිචාරය ප්‍රශංසනීයයි' යැයිද ඔහු කීය.

පසුගිය පෙබරවාරි මාසයේදී චීනයට කොරෝනා වයිරසය දැඩිව බලපෑ අවස්ථාවේදී ඉන්දියාව ටොන් 15ක පමණ වෛද්‍ය උපකරණ චීනයට යවා ඇත. ඉන්දීය ගුවන් හමුදාව විසින් වූහාන් සහ හුබෙයි පළාත්වල සිටි ඉන්දියානු ජාතිකයන් 100දෙනෙකු රැගෙන එන ලදී.

(හින්දුස්ථාන් ටයිම්ස්)

16844



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මැඬලීමට චීනයේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site