IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාව අද පැරදුනොත් ශ්‍රී ලංකාවට උසස්වීමක්

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තෙවැනි තරගය අද (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට පමණ ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව කඩුලූ 4 ක ජයක් ලැබූ අතර දෙවැනි තරගය සම තත්ත්වයෙන් අවසන් විය. මෙම තරගයේ ජයග‍්‍රහණය කණ්ඩායම් දෙකටම එකසේ වැඳගත් වන අතර ශ්‍රී ලංකාව ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. තරග පහකට සහභාගි වූ  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි ස්ථානයේ ද රැුදී සිටියි. ශ්‍රී ලංකා තරග හතරකට සහභාගී වී ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා සිටියි. අද තරගයේදී ඉන්දීය පිල මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග්ට පැවරී තිබේ.  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම නිසා ඉන්දීය පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනිට තරගයක තහනමක් සහ තරග මුදලින් 40% ද`ඩයක් පැනවීය. ඒ නිසා දෝනිගේ සේවය කණ්ඩායමට අද තරගයේදී අහිමි වේ. මෙහිදී ඉන්දීය පිලේ සෙසු ක‍්‍රීඩකයෝ ද තරග මුදලින් 20% බැගින් දඩයකට යටතේ වූහ. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ක‍්‍රීඩා කළ කණ්ඩායම අද තරගයේදී ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිල අවසන් තරගයේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය. ෆර්විස් මහරුෆ් වසර දෙකකට ආසන්න කාලයකට පසුව කණ්ඩායමේ ස්ථානය ලබමින් එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිතර විය. අද තරගයේදී ශ්‍රී ලංකා පිලට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාවුවහොත් මහරුෆ් ආරම්භක පිතිකරු ස්ථානයේ පන්දුවට පහරදීමට බොහෝ දුරට ඉඩ තිබේ. මහරුෆ් දේශිය තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කරයි. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර ඉන්දීය එක්දින සංචිතය: විරේන්ද්‍ර සෙවැග් (නායක) රෝහිත් ශර්මා, සචින් තෙන්ඩුල්කාර්, මනෝජ් තිවාරි, රවිචන්ද්‍රන් අෂ්වින්, ගෞතම් ගාම්බීර්, රවීන්ද්‍ර ජඬේජා, සහීර් ඛාන්, විරාට් කෝලි, ප‍්‍රවීන් කුමාර්, ප‍්‍රතීව් පටෙල්, ඉර්ෆාන් පතන්, සුරේෂ් රයිනා, රාහුල් ශර්මා, විනෙයි කුමාර්, උමේෂ් යාදේව්.



අදහස් (0)

ඉන්දියාව අද පැරදුනොත් ශ්‍රී ලංකාවට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site