IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවෙන් ලංකාවට බස් 500ක්

(අංජුල මහික වීරරත්න)

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට අදාල ලේඛන කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ ජනාධිපතිවරයාට බාර දුන්නේය.

පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දෙනු ලැබීය. තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.

 



අදහස් (5)

ඉන්දියාවෙන් ලංකාවට බස් 500ක්

තිලකරත්න Sunday, 05 February 2023 03:52 PM

ඔය ලැබෙන බස් වලින් කලවාන අයගම ඉඩංගොඩ, (කිරිඇල්ල), හිදුරංගල, ඇහැලියගොඩ, පනාවල හරහා රුවන්වැල්ල හෝ කෑගල්ල දක්වා එම නගරවල නැවැත්වීමේ අවසරය ඇතිව බස් රථයක් හා පානදුර, හොරණ ඉංගිරිය, ඉඩංගොඩ, හිදුරංගල, ඇහැලියගොඩ, පනාවල හරහා රුවන්වැල්ල දක්වා හෝ වෙනත් නගරයක සිට ඉඩංගොඩ හිදුරංගල ඇහැලියගොඩ හරහා දිනකට දෙවරක්වත් ධාවනය සඳහා බස් රථ දීමට කටයුතු කරන්න... ඉල්ලීම කරන්නේ රජය විදේශණය අරගෙන මුලු රටේම ජනතාව ණය නිසා පීඩාවට පත්කරමින් ඉදිකල මාර්ග දෙකක් මෙයින් ආවරණ කරන්න පුළුවන් නිසා තමයි මෙයින් තවත් දෙයක් වෙනවා.. එනම් මෙම මාර්ගයේ බස්ගාස්තු ඉතාමත් ඉහළයි.. යෝජිත ආකාරයට කටයුතු කළොත් බස්ගාස්තු අඩුවීමටද හේතුවක් වෙනවා...!

:       4       25

Lalla Sunday, 05 February 2023 10:38 PM

රටේ තිබෙන බස් ටික දුවාගන්න බෑ.මගීන් නෑ. තව අලුත් බස්....ජරාව කන්න නේද?

:       0       0

suneth hemantha Monday, 06 February 2023 11:29 AM

මට හිතෙන්නේ මේ බස් ලැබෙන්නේ සල්ලි තියන ඩිපෝ වලට විතරයි .එයාලා බස් මිලදී ගත යුතුයි

:       0       0

Perera Monday, 06 February 2023 12:11 PM

ඕවා නියම මගී පුවාහන බස් රථද? නැතිනම් ලොරි චැසිවලට බස් බොඩි ගහපු ලොරිද? 

:       0       0

Bamunuarachchi Monday, 06 February 2023 02:43 PM

සජිත් ඉස්කෝලවලට දීපු බස් නඩත්තු කරගන්න බැරුව විදුහල්පතිලා අමාරුවේ වැටිලා කියලා පත්තරේ තිබුන. ඉන්දියන් බස් ණය ක්‍රමය කට අනුව ලැබුන ඒවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site