
( සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මන්නාරම යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් වෙත ඉන්දියාවේ සිට සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ට්‍රැක්ටර් රථයකින් රැගෙනයමින් තිබූ අමු ඉඟුරු තොගය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
මේ දින වල දිවයිනේ විවිද ප්‍රදේශවල ඉඟුරු මිල ඉතා අධිකවීම සහ ඉඟුරු හිඟය හේතුවෙන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් ඉන්දියාවේ සිට අමු ඉඟුරු ගෙන්වා වැඩි මිළට අලෙවි කිරීම සිඳුකරන බවට අනාවරණය වූ බවත් පැවසීය.
සැකකරු පොලිතින් උර කිහිපයක් තුල අමු ඉඟුරු ඇසුරුම් කර රැගෙනයමින් සිට ඇති අතර එම ඉඟුරු විවිද ප්‍රදේශවලට රැගෙන යාමට සූදානම් කොට තිබූ බවට අනාවරණයවූ බවත් කීය.
අත්අඩංගුවටගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වේ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් ගෙන්වූ ඉඟුරු සමඟ අයෙක් දැලේ
Banda Tuesday, 20 August 2024 04:01 PM
STF ලැජ්ජයි...