කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ තරගයකදී ඉන්දියානු පිල ශී‍්‍ර ලංකාව පරදවා තරග වට 3-0 ක ජයක් ලබාගත්තේය. ශී‍්‍ර ලංකා පිල මෙම තරගයෙන් පරාජය වීම නිසා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.
මධ්‍යම ආසියානු කලාපයෙන් ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.
ආරම්භයේ සිට තියුණු තරගයක් බවට පරිවර්තනය වූ මෙම තරගයේ පළමු වටය 25-20 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය පිල සමත් විය. එහිදී ඉන්දීය පිලේ ලකුණු 25 න් ලකුණු 10 ක් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ අසාර්ථක පන්දු පිරිනැමීම් 8 කින් සහ පන්දුව ලබා ගැනීමේ දුර්වලතා 2 කින් ලැබුණි.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙවැනි වටයේ ආරම්භයේ සිටම තරගකාරි ක‍්‍රීඩා විලාසයකට අවතීර්ණ වෙමින් පළමු කෙටි විවේකය වන විට ලකුණු 13-7 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ශ්‍රී ලංකාව දෙවැනි සහ තෙවැනි කෙටි විවේක වන විට ද පිළිවෙළින් ලකුණු 16-12 ක් සහ 22-16 ක් ලෙස පෙරමුණේ පසු වුවද ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පන්දුව ලබා ගැනීමේ දුර්වලතා හේතුවෙන් පිට පිටම ලකුණු 4 ක් ලබාගත් ඉන්දීය පිල ලකුණු පුවරුව 22-20 ක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව සමීපයට පැමිණියේය. ලකුණු 23-23 ක් ලෙස සමවී තියුණු සටනකින් පසු ඉන්දියාව ලකුණු 28-26 ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීය.
තෙවැනි වටය 25-19 ක් ලෙස පහසුවෙන් ජය ගත් ඉන්දීය ක‍්‍රීඩකයෝ තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ පන්දු පිරිනැමීම සහ පන්දුව ලබා ගැනීම මීට වඩා හොඳ තත්ත්වයක තිබුණේ නම් ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමේ අවස්ථාව තිබුණි.
ශ්‍රී ලංකා පිලේ උසින් වැඩිම ක‍්‍රීඩකයා වන හිරන්‍ය කේසරට වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම මෙහිදී ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බවට පත්විය. මෙහිදී කේසර වැඩි වේලාවක් බංකුවේ අසුන්ගෙන සිටීම දැකගත හැකිවිය.
ජනිත් සුරත්, දීප්ත රණවක සහ නිලංග සංජීව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
(ඡයාරූපය: සංජීව නිරෝෂණ)
හිරන්‍ය කේසරගේ වේගවත් ඩෑෂ් පහරක් ඉන්දීය ආවරණය බිදගෙන යයි...
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානුවෝ 3 - 0 කින් ශී‍්‍ර ලංකාව පරදවති
සුපුන් Saturday, 06 July 2013 08:58 AM
කෝ ඉතින් වැඩක් නැහැනේ. මහා ලොකුවට ටීවී එකේ පෙන්නන්නේ සමස්ත ලංකා,අරවා මේවා කියලා. ලස්සනට විස්තර විචාරයත් දෙනවා.කෝ ප්‍රතිපල නෑනේ (නි)
දිල්රුක් Friday, 12 July 2013 12:55 PM
ලංකවේ වොලිබෝල් සෙල්ලම් කරන අයට බැනලා වැඩක් නැහැ,කට්ටිය දන්නවද අපේ වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කරන කෙනෙක්ට පඩිය කියද කියලා? (දී)
ජගත් Friday, 05 July 2013 10:41 PM
මේක නිසා තමයි තවමත් ක්‍රකට් ජනප්‍රිය.(නදී)
සනත් Saturday, 06 July 2013 01:09 AM
අයියෝ සල්ලි