ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්‍රබෝවෝ සුබියැන්තෝ ජයග්‍රහණය කළේ සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.
සුබියැන්තෝ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස ද රාජකාරි කර ඇත. පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේ ද ඔහුය. මීට පෙර අවස්ථා දෙකකදී, සුබියැන්තෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කර ඇති නමුත් ඔහුට ජයක් හිමි නොවිණි.
අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ඊයේ (14) පැවැත්විණි.
ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්විණි. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ පමණක් බව ද පැවැසෙයි.
ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝකෝ විඩෝඩෝය. විඩෝඩෝ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ බැවින්, යළි ජනාධිපති ධුරයක් වෙනුවෙන් තරග වැදීමට නොහැකිය. ප්‍රබෝවෝ සුබියැන්තෝ නායකත්වය දෙන්නේ ගෙරින්ද්‍රා දේශපාලන පක්ෂයටය.
ප්‍රබෝවෝ සුබියැන්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයා ද වූ හමුදා පාලක ජනරාල් සුහර්තෝගේ බෑණාය. සුහර්තෝ, 2008 වසරේ මියගියේය. ඒ වනවිට ඔහු 86 වියෙහි පසුවිය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී