
(ටී.කේ.ජී.කපිල )
13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ " සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ " ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම සංගීත තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 21 දින සිට 27 දින දක්වා ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
ඔවුන් මෙම ජයග්‍රහණ රැගෙන 28 දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා '' සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ '' කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්
fairoos Monday, 29 July 2024 11:39 AM
සුභ පැතුම්