IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකියි

(ඩයනා උදයංගනී)

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හාකියාව යටතේ වුවත් දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීමෙන්ම එය ඩෙල්ටා ප්‍රභේදය අභිබවා පැතිරිය හැකි බව පෙනී යන්නේ යැයි එම සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම කළ යුතු බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණයකදී වුවත් උත්සව සමයේ කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය තුළ ඇතිවූ තදබදය ආදිය සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට හා මෙරට ආර්ථිකයට  බලපෑම් එල්ල කළ හැකි බව එහි සඳහන් වේ.



අදහස් (4)

ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකියි

යෝගා Tuesday, 04 January 2022 04:56 PM

යුද්ධයට වගේම කොවිඩ් වලටත් මිනිස්සු හුරු වෙලා. බයකුත් නෑ ගානකුත් නෑ

:       0       0

ඇනකොන්ඩා Tuesday, 04 January 2022 06:09 PM

කස්ටිය නම් කියාවි ඉක්මණින් අරක ඇනගන්න, මේක ඇන ගන්න කියලා... මම නම් තුනක් ඇනගෙන ඉන්නේ. නමුත් අද අහන්න ලැබුණා මම විශ්‍රාම ගැනීමට පෙර සේවා ස්ථානයට සම්බන්ධ ආයතනයක නිළධාරිනියට තෙවැනි ඇනීමෙන් පස්සෙ කනක් ඇහෙන්නේ නැහැ කියලා... මේවාටත් ප්‍රතිකර්ම යොදන්න.

:       2       3

Raveendra Tuesday, 04 January 2022 09:08 PM

අපේ සජි පුතා MBBS (මේසන් බාස්ට බදාම සප්ලයි) ඉහළින්ම පාස් නිසා ඔමික්‍රෝන් රැල්ලට බෙහෙතක් කියයිද මන්දා...?

:       2       1

දර පාන් Friday, 07 January 2022 05:05 PM

ඔහේ හැදිච්චදෙන්. කන්න නැතුව සියදිවි නසා ගන්නවාට වඩා හොඳයි කොරෝනා හදාගෙන නම්බුකාර විදියට මැරෙන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site