
(යොහාන් භාසුර)
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවට පස්වරු 1.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් කාල-ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ නිවේදනය කළේය.
මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති වියහැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් වියහැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේනකතුව කියයි.
මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තවේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්