IMG-LOGO

ඉතාලි ලාංකිකයා පිහියෙන් ඇන මරලා

ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ ඇති චිනිසෙල්ලෝ බාල්සමෝ ප්‍රදේශයේ පදිංචි ලාංකිකයෙකු (48) නිවස තුලම පිහියකින් ඇන මරාදමා  තිබී අද උදෑසන පොලිසිය විසින් සොයාගන්නා ලදි. ඉතාලි පුරවැසි භාවය ලබා සිටි එම පුද්ගලයා සමග ලාංකික යුවලක්ද එම නිවසේ වාසයකර ඇත. ඔහු මරණය පොලිසියට දැනුම්දී ඇත්තේ එම යුවළ විසින් බව පොලිසිය පවසයි.



අදහස් (0)

ඉතාලි ලාංකිකයා පිහියෙන් ඇන මරලා

ආශා මහේෂිකා අහුන්ගල්ල Sunday, 04 May 2014 12:03 AM

අර කොස්ගොඩ පාතාල නායකයා මේකටත් ගැවිලා ඉන්නවද බලනවද? මොකද එයාටත් නිකන් ඉන්න බැහැනි (ස)

:       0       0

මංගලිකා Monday, 05 May 2014 01:18 AM

මරනවා කියනදේ සාමාන්‍ය කරණය වෙලා, (දී)

:       0       0

ජගත් ඉතාලිය Sunday, 04 May 2014 01:54 AM

ඒඩිමන් ආගමක් ධර්මයක් විතරක් නොව ලාංකිකයෙකුත් නොවන බව තමුන්ගෙ නාමෙන්ම පෙනෙනවා. බල සේනා ලෙස අදහස් කරන අය මෙතෙක් බුද්ධ ශාසන අමාත්‍යාශයටවත් කරන්න හැකිනොවුණ දේවල් ලාංකිකයන් වෙනුවෙන් මහජන සේවාවක් ලෙස කර තිබෙනවා. තමුන් වගේ පුද්ගලයන් නිසා තමයි දැන් රටේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන්නේ. පත්තර වල ලියන්න ඉඩ වෙන් කර තිබුනාට ලියන්නන් වාලේ වල්පල් ලියන්න එපා ඔය ලිවුවා වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා කිවුවෙත් ඔයාමද ? (නි)

:       0       0

මධූ Monday, 05 May 2014 02:05 AM

අනේ මන්දා! ලෝකයේ කොහෙත් එකයි බලනකොට (නි)

:       0       0

අනුර Monday, 05 May 2014 03:09 AM

හැබැයි මොකක්ම හරි හේතුවක් ඇති මේකට (නි)

:       0       0

සරෝජා Monday, 05 May 2014 03:10 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සම්පත් Sunday, 04 May 2014 01:49 AM

එඩ්මන්,ඔහොම කතාකරන්න එපා. (නි)

:       0       0

ජීනා Monday, 05 May 2014 03:28 AM

අනේ පවු! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 04 May 2014 05:01 AM

නිල නොවන ආරංචි වලට අනුව මෙය දකුණු ඇමෙරිකානු මත් ද්‍රව්‍ය වෙළෙන්දන් සමග ඇති වූ ප්‍රශ්නයක ප්‍රතිපලයක්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 May 2014 06:22 AM

සමහරවිට් යුරෝපයේ හිස ඔසවන නාසිවාදීන්ගේ වැඩක්ද කවුද දන්නේ ? (නදී)

:       0       0

මසුහුබ් Sunday, 04 May 2014 05:44 AM

මිනීමැරුම් වල පසුබිම කාන්තාවක් හෝ මත්පැන්.(නදී)

:       0       0

අබේ Sunday, 04 May 2014 06:33 AM

තණ්හාව නිසා තමයි මේ සියල්ලම.(නදී)

:       0       0

රසිකා Sunday, 04 May 2014 07:04 AM

තණ්හාව තණ්හාව. එසේත් නැතිනම් ගැහැණු හින්දා තමා ඔය වාගේ දේවල් සිද්ද වෙන්නේ. ඕකටත් ආගම ධර්මේ ඇදගන්ඩ එපා. (නදී)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 10:04 AM

බෝට්ටුවල කන්ටේනර්වල ගිය අයගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ඒඩිමන් ගෙනුත් මෙහෙම දේවල් උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (ස)

:       0       0

පහන් Sunday, 04 May 2014 10:53 AM

දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට චතුරන්ගනී සේනාවේ ඉදිරියෙන්ම ගමන්කළේ භික්ෂුන්වහන්සේලා ලු .බෞද්ධයන්ගේ පිබිදීම දරාගන්න බැරි කොටසක් ඉන්නවා .(ස)

:       0       0

ජීවන් Sunday, 04 May 2014 06:38 PM

ප්‍රශ්නෙ ඔය තරම්ම තේරෙන්නෙ නැද්ද? (ස)

:       0       0

වර්ණකුලසුරිය මොරිස් Sunday, 04 May 2014 07:33 PM

පිහියෙන් ඇන මරල නොවේ ඇන ගෙන මැරිලා කිව්වොත් නිවරදියි.ඔහු රෝගයකින් පෙලෙන කෙනෙක් .ඔහුගේ රෝගයට ප්‍රතිකාර සඳහා බෙහෙත්ද එවන්නේ තම මව්බිමෙන්. මේවගේ අයට අවශ්‍ය අපේ කියවීම නොවේ ක්‍රියාව .මුදල් ඉපයීමට ඔහුව මෙහෙ නොතිය මව් බිමට ගෙන්වාගෙන ඔහුට නිසි ප්‍රතිකාර ලබාදීම බිරිදගේ යුතුකම .ඔහු සිටින ඒ මානසික රෝගිතත්වය තුල වචන හුවමාරුවකදී ඔහුගේ බිරිදගෙන් පිස්සෙක් කියන වචනය අැසීමේදි ඔහුට ඇතිවන වේදනාව කෙසේ වන්නට ඇද්ද? ඔහුට නිත්‍ය සුව පතමි . (ස)

:       0       0

තිලකෙ Monday, 05 May 2014 10:05 AM

ඔහු විනෝදකාමියෙකි.. සැහල්ලුවෙන් දිවි ගෙවු අයෙකි.. ඉතාලියට ගොස් අවුරුදු ගණනක් හම්බ කරපු සල්ලි වලින් පුදුම ලස්සන මහා ගෙයක් හැදු ඔහු එහි ලස්සන බලන්න පමණක් පැමිණේ. ඇවිත් එම ගේ තම අතින් තීන්ත ගා අලුත් වැඩියා කර එහි ලස්සන බලා නැවත ඉතාලි යයී.. ඔහු ඒ හැමදෙයක්ම කරේ ඔහු වෙනුවෙන් නොව.. ඔහුගෙ ආදර බිරිද හා ඔහු ගොඩාක් ආදරය කර ලස්සන දියණිය හා තම පුතා වෙනුවෙනි.. ඔහුට ලොකු බලාපොරොත්තු තිබුනෙ නැත. ලංකාවට ඇවිත් සතුටින් ඉන්නයි ඕන කලෙ.. පවුලෙ සෑම විවාහ උත්සව වලදි ඔහුගෙ දුරකතන ඇමතුම අපි බලා බලාගෙන සිටියෙමු. ඔහු ගේ ආයු කාලය කොපමනද කියා කිහිප දෙනෙක් දැන සිට ඇත. නමුත් ඔවුන් කිසිවක් නොකර බලා ඉන්නට ඇත. ඔහුව ලංකාවට ගෙනාවා නම් ඔහුව අපිට සුව කර ගැනීම ලොකු දෙයක් නොවීමට තිබුණි.. ඒ සුන්දර මිනිසා තම අතින් සාදන ලද නිවසේ සැතපීමට පවා ඔහුට අවස්‍ථාව හිමි නොවිනි. ඔහු දැන් නිහඩය‍. ඔහු වෙනුවෙන් අපි දැන් මේ මොහොතේ අහැරගෙන සිටිමි... අපි ඔයාගෙ කට හඩට හැමදාම ආදරේ. (ස)

:       0       0

නිලුකා Sunday, 04 May 2014 11:29 AM

එඩ්මන්ඩ්ගේ කතාවට ඇතැම් අයට ඩෝං ගිහිල්ලා. (ස)

:       0       0

සුරංගි Sunday, 04 May 2014 09:09 PM

රට වට කර වැට බැන්දත්, කට වට කර වැට බදින්න බැහැ නේ.. සත්‍යය නොදැන කතා මවන්න එපා.. (ස)

:       0       0

ගාමිණී Sunday, 04 May 2014 01:23 PM

පහන්, ඔබ දකින පිබිදීම නම් කියල වැඩක් නැහැ . (ස)

:       0       0

ප්‍රවීන් Sunday, 04 May 2014 01:19 PM

ජගත් ඉතාලිය ,අදහසක් ලියනවා වෙනුවට ඔබට ගේ අදහස ට සුබ පතමි ! (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 04 May 2014 01:22 PM

බල සේනාව කිව්වේ ? (ස)

:       0       0

හේරත් Saturday, 03 May 2014 09:29 PM

අනේ සංසාරේ මොනවාද අපි මේ අහන්නේ මිනිස්සුට මොනවාද මේ වෙලා තියන්නේ (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 02:15 PM

මේ අවනඩු උඩ ඉන්න දෙය්යෝම බලාගනිත්වා. (ස)

:       0       0

ජෝයි ඩයස් Sunday, 04 May 2014 11:45 PM

ඉතාලියේ ඔවෑනි සිදුවීම් අප්‍රමානයි. රෑකියා විරහිතව දෑඩි මානසික පීඩාවන් විදින පිරිස් ඉන්නවා. රෑකියාවක් නෑත්නම් තමන්ගේ කෙනෙක් නෑත්නම් දෑසින් කදුලු වෑටෙන තරමට අසරන වෙනවා. කුසගින්න වද දෙනකොට ලංකාවේ ප්‍රශ්න මතක්වෙනකොට ඕනෑම දෙයක් කරන්න පෙලබෙනවා. ඒ අයට ගරහන්න එපා. තවත් ඉන්නවා එවෑනි අය. එයාලට උදව් කරන්න. ඒ උදව් වලට ප්‍රතිපල එයාලගෙන් බලා පොරොත්තු වෙන්න එපා. ලෝකයෙන් ලෑබෙනවා. ඒඩ්මන් බොදුබල සේනාවට ගරහන්න එපා. අපිත් පරම්පරාවෙන්ම කතෝලිකයො උනත් අපිත් බුද්ධාගමට ගොඩාක් ගරු කරනවා, බුදුබණ අසනවා. එයාලා නිසයි ලංකාවේ උතුම් බුදුදහම රෑකෙන්නේ. (දී)

:       0       0

ඒඩිමන් Saturday, 03 May 2014 11:35 PM

බල සේනා ඉතාලි යනවා ඔවා විසදන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 260 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site