IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට කුරේගේ සුභ පැතුම්

ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ පැවෙත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා අද දින එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත  පිටත්වීමට නියමිතය.

රෝම තානාපති නිල නිවසේදී තානාපති නාවලගේ බෙනට් කුරේ ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හත් දෙනා මුණ ගැසුණි.

තානාපති බෙනට් කුරේ ඔවුන් සදහා සුහද තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය. ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් හත් දෙනා රටට සම්පතක් බවද තානාපති පැවසීය.

ඔබලාගේ උත්සාහය ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉදිරිපත් වීමයි වැදගත්. අපේ රටේ වගේම ඉතාලියේ කිර්ති නාමය ලෝකයට ගෙනියන ඔබලා රටවල් දෙකටම වටිනා සම්පත්. ඔබලාගේ ජයග්‍රහණයයි  මගේ එකම ප්‍රාර්ථනය. තානාපතිවරයා එසේ කිය.

ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලුකා බෘනායි, සහය පුහුණුකරු ඉතාලි ජාතික ඔලිම්පික් කමිටු උපදේශක කැලුම් පෙරේරා, ක්‍රිකට් කමිටු උපදේශක කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත ජයසේන, ජාතික ක්‍රිකට් කමිටු උපදේශක ජයරාජ් අල්පොන්සු , රෝම ක්‍රිකට් කණ්ඩායමේ නායක ප්‍රභාත් එක්නැලිගොඩ මේ සදහා එක් වුහ. ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ගයශාන් මුණසිංහ අතින් තානාපතිවරයාට සිහිවටනයක් ද මෙහිදී පිරි නැමිණි.

 

 



අදහස් (0)

ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට කුරේගේ සුභ පැතුම්

මදූ Sunday, 10 November 2013 03:14 PM

අනේ මන්දා කුරේ කීවාම මන් හිතුවේ එංග ලන්තේ ඉන්න අපේ කුරේ කියලා.(නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 10 November 2013 12:08 PM

ජය පැරදුම කෙසේ වෙතත් ඉදිරි පත් වීම වැදගත්. ජය වේවා ලක් පුතාට.(නදී)

:       0       0

කමල් Sunday, 10 November 2013 12:55 PM

මෙම ක්‍රීඩකයින් ගැන අහිංසකව සතුටු වෙමි. ආඩබ්බර වෙමි. ඉතාලි කණ්ඩායමට සංග්‍රහ වියදම තානාපතිතුමාගේ පෞද්ගලික ධනයෙන්ද? රට වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ සල්ලිද? අපේ පැතුම රටේ ජයග්‍රහණය, ශ්‍රී ලංකික තානාපතිතුමාගේ අදහස විය යුත්තේ ලංකාවේ ජයග්‍රහණයයි. ඔබලාගේ ජයග්‍රහණයයි මගේ එකම ප්‍රාර්ථනය යන්න ගැන කණගාටු වෙමි. (නදී)

:       0       0

දෝං සේතං Sunday, 10 November 2013 12:57 PM

ඒ කණ්ඩායමටත් තට්යෙක් ඉන්නවා. කොණ්ඩයෙක් තමයි නැත්තේ.(නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 10 November 2013 01:21 PM

මෙතන ඉන්නේ ලංකාවේ සහ පාකිස්තානේ ක්‍රීඩකයන් විතරයි ඉතාලි ක්‍රීඩකයන් කෝ?(නදී)

:       0       0

දිනේෂ් Sunday, 10 November 2013 01:43 PM

කමල් සහ දොන් සේතන් කියන්නේ මානසික රෝගීන් දෙන්නෙක්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site