ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ යුරෝපයේ මුල්ම කේන්ද්‍රස්ථානයට බවට පත්වූයේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයයි.
මෙම කලාපය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට බීමහල් වසා දමන්නැයි එරට බලධාරීන් නියෝග කර ඇත.
මෙම ප්‍රදේශයේ උතුරු ඉතාලියේ පිහිටි ධනවත් කලාපයක් ලෙස සැලකෙන අතර ක්‍රීඩා ඉසව් ද නවතා දමන්නැයි ද බලධාරීන් ඒවායේ සංවිධායකයන්ට උපදෙස් දී ඇත.
යුරෝපයෙන් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනා ගැනුණේ මෙම ප්‍රදේශයෙනි. ඒ ඉකුත් පෙබරවාරි මාසයේදීය.
නව සීමා ලබන මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර බීමහල්වල සේවය සැපයිය හැක්කේ පස්වරු 6 වනතෙක් පමණි. ඉන් අනතුරුව රැගෙන යෑමට මත්පැන් අලෙවිය තහනම් වන අතර මේසවල සිටින අයට පමණක් අලෙවි කළ හැකි ය.
ලොම්බාර්ඩි යනු ඉතාලියේ ජනාකීර්ණම ප්‍රදේශයකි. නව නීති අනුව පොදු ස්ථානවල ආහාර ගැනීම තහනම් ය. ලෝ ප්‍රකට මිලාන් නගරය පිහිටා ඇත්තේ ලොම්බාර්ඩි ප්‍රදේශයේ ය.
ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
- 055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා