අන්තර්ජාල පහසුකම් ඔස්සේ කාමර වෙන් කැරවාගෙන කල්කුඩා තරු හෝටලයක නතර වී රුපියල් ලක්ෂ දෙකහමාරක බිලක් නොගෙවා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව කල්කුඩා පොලීසිය කියයි.
ඉතාලියේ සිට පැමිණී ශ්‍රී ලාංකිකයකු හා ඔහුගේ කණ්ඩායමක් මේ හෝටලයේ සිටි බවත් ඔවුන් අන්තර්ජාලට මගින් ඉදිරිපත් කැර තිබු ක්‍රෙඩිට් කාඩ්පත ව්‍යාජ බව සොයාගත් බව ද පොලීසිය සඳහන් කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉතාලියෙන් අවුත් හොඳ හෝටලයකින් හොඳට කති
පිටිගල Wednesday, 08 October 2014 05:24 AM
නදිනි මේ පිටිගල ඉන්නේ ඉතාලියේ නෙවෙයි! ඒ පිටිගලත් මේ පිටිගලත් හැර තවත් පිටිගල ලාද ඕන තරම් ඇත.(අ)
මිනිපෙ Tuesday, 07 October 2014 05:19 PM
කැලේ මාරුකළාට, පුල්ලි වෙනස් වෙන්නේ නැහැනේ! (නි)
පිටබැද්දර ජයා Tuesday, 07 October 2014 11:38 AM
අනේ මන්දා මේ ඉතාලි කට්ටිය නම්? අඩුතරමේ බඩට කාපු බීපු එකේ ගානවත් දීලා යන්න තිබුණා (නි)
වසන්ත Tuesday, 07 October 2014 11:46 AM
ඇයි මේ විදියට බොරුවෙන්ම ජීවත්වෙන්න බලන්නේ? (නි)
බණ්ඩාර සරත් Tuesday, 07 October 2014 11:54 AM
ඉතාලියේ ඉන්න ලංකාවේ අයෙක් සමඟ නේද මේක කරලා තියෙන්නේ? ලංකාදීපයෙන් අපි සැමදා කියවනවා අපේ අයියලාගේ කෙරුවාවල්, ඉතාලියේ ඉන්න. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
පතිරණ Tuesday, 07 October 2014 11:56 AM
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 12:08 PM
ඉතාලියේ පීට්සා කාලා..කාලා..එපාවෙලා ඉන්න ඇති. රටට ඇවිල්ලා හරි ලුණු , මිරිස් ඇතුව කෑමක් කන්න ලැබිච්ච එක නම් අගෙයි ! (නි)
කාංචන Tuesday, 07 October 2014 06:59 PM
අනේ මෙහෙමත් වැඩ! (නි)
සරත් Tuesday, 07 October 2014 12:28 PM
ඉතාලියේත් ඉන්නවා ලංකාවෙන් පැන්න හොර තක්කඩි (නි)
වීරසිංහ Tuesday, 07 October 2014 12:30 PM
ලැජ්ජා නැති මිනිස්සු! (නි)
හේමන්ත Tuesday, 07 October 2014 12:30 PM
ඉතාලි ජාතිකයන් කණ්ඩායමක් නම් මුදල් දෙන්න ඇති ඉතාලියේ වසන ලංකා බෝයිට. එයා තමයි සල්ලි ටික ගහගෙන හොර විසා කාර්ඩ් පෙන්නලා ලිස්සලා හොරෙන් පනින්න ඇත්තේ. (නදී)
බණ්ඩා Tuesday, 07 October 2014 12:31 PM
නම් ගම් දමන්න බැරිනම් අඩු ගනනේ පෝටෝ එකක් දාන්න. මේ වැනි කපටි නිසා ඉතාලියේ ඉන්න අනිකුත් ලංකාවේ සේරටම ලැජ්ජාවක් (නදී)
පුෂ්පකුමාර Tuesday, 07 October 2014 08:30 PM
ඉතාලියේ ඉඳලා ආ කෙනෙක් නම් කවදාවත් ගෙට ගන්න එපා. (නි)
ඩිලාන් Tuesday, 07 October 2014 08:54 PM
කසාදයක්වත් කරන්න සම්බන්ධ කරගන්න නරකයි (නි)
යහම්පත් Tuesday, 07 October 2014 01:05 PM
බහුදින යාත්‍රාවලින් ඇවිල්ලා එහෙත් කන ගමන්, අපේ ලංකාවෙනුත් ටිකක් කනවා (නි)
පුෂ්පකුමාර Tuesday, 07 October 2014 01:06 PM
ඉතාලියේ කිව්වොත් වැඩිපුර ඉන්නේ මෙහෙම අයම තමයි. ලැජ්ජා නැද්ද මන්දා? (නි)
නන්දන Tuesday, 07 October 2014 01:16 PM
මේ ගොල්ලෝ ගැන නම් කියල වැඩක් නැහැ යන තැන ගම කනවා. ලංකාවේ ඉන්න අපිටයි ඉතින් ලැජ්ජාව. (නදී)
පිටිගල Tuesday, 07 October 2014 01:41 PM
ඉතාලියේ ඉඳලා ආ ශ්‍රී ලාංකිකයන්ද? එහෙනම් ඉතින් කන එකම තමයි! දෙරටම ඉවරයි! (නි)
සංජය Tuesday, 07 October 2014 01:45 PM
ඇත්තටම මහා හොරුනේ! අර අහිංසක ඉතාලි ජාතිකයින්වත් නරක් කරනවා. (නි)
කසුන් Tuesday, 07 October 2014 01:47 PM
අනිවාර්යයෙන්ම ඔය බෝට්ටු වලින් ගිය අය වෙන්න ඕනෑ. මෙයාලා ලංකාවත් කනවා, ඉතාලියත් කනවා. (නි)
ගයාන් Tuesday, 07 October 2014 01:47 PM
ලංකාදීපයේ දාන නිසා තමා මෙහෙම දේවල් අපි දැනගන්නේ. අනිත් එක ඔය ඉතාලිය හෝ කොරියාව හෝ එංගලන්තේ ගිහින් ඔය වැඩ කරලා අහුවෙන්නේ අපේ ලංකාවෙන් ගිය අය මිසක් ඉන්දියාවෙන් ගිය අය නෙමෙයි .ඇයි ලංකාවේ හොරකම් වෙන්නේ නැද්ද? ලංකාවේ ස්ත්‍රී අපචාර වෙන්නේ නැද්ද? ඒක නිසා ඉතාලියේ ඉන්න සුළුතරයක් කරන වැඩ නිසා හැමදෙනාම ඒ ගොඩට දාන්න ඕනෑ නැහැ. (නි)
මාලන් Tuesday, 07 October 2014 02:01 PM
කම්බ හොරු ටික කලයි ඉතාලියේ ඉන්නේ. ගේමක් දීලා ලංකාවට පනිනවා.ඊටපස්සේ සුදනන් වගේ කතා කරනවා. (නි)
සජාන් Tuesday, 07 October 2014 02:16 PM
ගයාන්, ඔබගේ මොළය තියෙන්නේ කොතනද? මේක පිටරටකදී කළ හොරකමක් නෙමෙයි. (නි)
නදිනි Tuesday, 07 October 2014 02:37 PM
පිටිගල කියලා නම තියන මම දන්නා කෙනෙකුත් ඉතාලියේ මිලානෝ වල හිටියා. (නි)
නිලංග Wednesday, 08 October 2014 03:55 AM
ඉතාලියේ විතරක් නෙවෙයි ඕනෑම රටක මෙහෙම වැඩ කරන ලාංකීය සුළු කොටසක් ඉන්නවා. ඉතින් අර අනිත් මිනිස්සුන්ත් ඒ ගොඩටම වැටෙනවා. බෝට්ටු වලින් ආපු කට්ටියගේ කට්ට වෙට්ට පිත්තල වැඩ නිසා ඕස්ට්‍රේලියාවේ සාධාරණ හොඳ වැදගත් විදියට ඉන්න මිනිස්සු දිහාත් වපර ඇහෙන් බැලෙන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රැකියාවක් ඉල්ලන්න ගියාම. සමහරු හිතන්නේ ලංකාවෙන් කිව්වම යන තැන ඉහ ගෙන කන කට්ටිය කියලා. (නදී)