IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්

 

(ගයාන් සූරියආරච්චි)

ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

ධීවරයන් 6 දෙනකු රැගත් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාව තංගල්ල වරායෙන් ධීවර කටයුතු සදහා ඉකුත් 4 වැනිදා පිටත්ව තිබුණි.

ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් තංගල්ල වරායේ සිට කිලෝමීටර් 675 ක් පමණ වූ ජාත්‍යන්තර ගැඹුරු මුහුද ගමන් කර තිබූ අතර එහිදී මුහුදේ පාවී ආ මත්පැන්වලට සමාන බෝතලයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබුණි.

එහිදී බහුදින යාත්‍රාවේ යාත්‍රා පාලක එම දියර වර්ගය පානය කිරීමෙන් අනතුරුව සුළු මොහොතකින් මියගොස් තිබූ බව නාවික හමුදාව පවසයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් නාවික හමුදා මූලස්ථානයට පණිවුඩයක් ලබාදී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව පෙරේදා (29) එම බහුදින යාත්‍රව තිබෙන මුහුදු ප්‍රදේශයට විජයබාහු නෞකාව පිටත්කර යවා ඇති බවත් ඊයේ (30) සවස වනවිට එම අසාධ්‍ය ධීවරයා විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

“ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයන් 5 දෙනාගේ මෘත දේහ ද විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවද කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කීය.

 



අදහස් (9)

ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්

චන්දිම Sunday, 30 June 2024 04:30 PM

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබිච්ච කන්ටේනරයක් බිඳිලා මේ බෝතල් ආවාද දන්නේ නැහැ...!

:       43       15

පියනන්ද Sunday, 30 June 2024 04:37 PM

දුප්පත් මිනිස්සු. ඒකට මෝඩකමත්, බඩජාරිකමත් එකතු වුණාම වෙන්න බැරි දෙයක් නෑ‍. අනික් මිනිස්සුත් මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. වෙන මොනවා කියන්නද? මියගිය අයගේ භව ගමන සුගතිගාමී වේවා...!

:       0       63

පිටිගල මිලානෝ Sunday, 30 June 2024 05:48 PM

පියනන්ද මහත්මයෝ… අවුරුදු හැත්තෑවකට පාඩම් ඉගෙන ගත්තේ නැති ජාතියක් අපි... මේක ජාන වලින්ම එන දෙයක්. අවස්ථාවාදී බඩජාරීකම හැම සමාජ ස්ථරයකම තිබෙනවා...

:       9       48

Prabha Sunday, 30 June 2024 06:29 PM

අන්තිමට වැරැද්ද නාවික හමුදාවේ කියලා කියයිද දන්නේ නෑ...!

:       0       32

Manjula Bandara Sunday, 30 June 2024 07:40 PM

දුප්පත්කම සහ බේබදුකම එක් වෙලා මරණය ඇති කලා..

:       0       27

Lalla Monday, 01 July 2024 12:29 AM

අපේ රටේ දුප්පත්කම විකුණාගෙන කෑමක් පමණයි. යම් තරමකට හෝ ඉගෙනගත්ත ඕන අයෙකුට කම්මැලි නැතිනම් දුප්පත් නොවී ජීවත්වෙන්න ඉඩ තියෙනව. ඉගෙන නොගන්න එක නම් කරුමය ... හැබැයි අර කලා උපාධිය බාහිර උපාධිය අරගෙන බැනර් උස්සගෙන ආණ්ඩුවේ රස්සාව ඉල්ලන ගොබ්බ රෑන හැමදාම දුප්පත් තමා...

:       0       0

රොෂාන් Sunday, 30 June 2024 11:48 PM

දුර දිග නොබලා කරන වැඩ වලින් දුක් විඳින්නෙ අහිංසක දරුවන් සහ බිරිඳ.

:       0       0

sam Monday, 01 July 2024 05:06 AM

අර අලුතින් බාර් පර්මිට් දීලා තියෙන්නේ ජනතාවට හොඳට බීලා මැරෙන්ඩ තමයි කාටද ආඩම්බර

:       0       3

SUNIL MILANO Monday, 01 July 2024 02:59 PM

මේ පිටිගල මහත්තයො හැම බම්බුවටම දේශපාලනය ගාව ගන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 156 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site