IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉණිමඟකින් වැටී අයෙක් මරුට

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතුවෙන් එම පූජාව සිදු කරමින් සිටි පුද්ගලයෙකු අද (27)  මියගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ග්ලාස්ගෝ වත්තේ පදිංචිව සිටි එම්. සදාසිවම් (60) නැමති අයෙකු බව පොලීසිය කියයි.

එම වත්තේ වාර්ෂිකව මෙම දේව පූජාව සිදු කරනු ලබන බවත් රාත්‍රිය පුරා පැවැති ආගමික කටයුතුවලින් අනතුරුව උදෑසන එම ඉණිමග ඔස්සේ ඉහළට නැග ආගමික කටයුතු  සිදු කරමින් සිටියදී මෙම පුද්ගලයා ඉන් පහළට ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



අදහස් (0)

ඉණිමඟකින් වැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site