
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට බදු ඔප්පුවක් නොමැතිව අක්කර හයක ඉඩමක් පවරා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවිය.
මෙම අක්කර 6ක ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් අයකරගත යතු රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න මුදල අයකරගැනීම සඳහා සති දෙකක් ඇතුළත නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස කෝප් කමිටුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කළේය.
ඒ සඳහා ගිවිසුම් ගත නොවීම සහ තක්සේරු වටිනාකමින් සියයට හයක් වෙනුවට සියයට හතරක් අයකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂාකරතොරතුරු වාර්තා කරන ලෙසට කෝප් කමිටුව දැනුම් දුන්නේය.
මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන්වූ ලිපිගොනු රැසක් පිළිබඳවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණ.
මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන් වූ ඉඩම් පිළිබඳ ලිපිගොනු විස්තර විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
කෝප් කමිටුව මෙසේ දැනුම් දුන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට එහි ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් කොමිසමේ අක්කර 6ක් බදු ඔප්පුවක් නැතිව සමාගමකට දීලා
Muditha Monday, 24 October 2022 03:42 PM
හෝමාගම ප්‍රදේශයේ....??? ම්..ම්..ම්
fairoos Monday, 24 October 2022 04:30 PM
ප්‍රසිද්ධ ඇමැතිවරයකුත් ඉන්නවා එතන.
Truth is Tuesday, 25 October 2022 06:29 AM
රජයෙන් දීර්ග කාලීන බදු ඔප්පුමත රජයේ මිනින්දෝරු තැන මැන සහතික කල අහිංසක කාන්තාවකට ලබාදීමට කටයුතු කරමින් තිබු ඉඩමක් හිටි හැටියේ හිටපු නගරාධිපති ගේ සහෝදරියකට ලබාදීමට නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දුෂිත නිලධාරීන් කාටයුතු සිදුකරමින් සිටිනවා.
sharm warn Tuesday, 25 October 2022 10:59 AM
හොමාගම.. සුදු ළුනු සුවදක් එහෙම එනවද?