IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉඩම් ආරවුලක් අ‘පුර ඝාතනයට හේතුවයි ?

අනුරාධපුර විහාරහල්මිල්ලෑ කුලමේ පංච පුද්ගල ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් විය හැකි යැයි පොලිසිය කියයි.

මව, දුව(25), පුතා(21) සහ තවත් දෙදෙනෙකු ගේ ඇතුලේ කපා කොටා මරා දමා තිබූ අතර බරපතල තත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.



අදහස් (0)

ඉඩම් ආරවුලක් අ‘පුර ඝාතනයට හේතුවයි ?

මාක් Tuesday, 05 November 2013 10:52 AM

ඔය ඉඩම් තණ්හාව තියෙන්නේ අපේ සිංහල මනුස්සයා ගාව තමා. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආශාවක්.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 05 November 2013 05:56 PM

ලංකාවේ සමාජය පිරිහිලා, අධර්මය රජ වෙලා. දූෂණය. පාතාලය. මිනීමැරුම්, කොල්ලකෑම්... අනේ අපේ දේශයට බුදු කෙනෙකු වඩින්න හොදටම කාලය ඇවිත්. (නි)

:       0       0

තුසිත Tuesday, 05 November 2013 05:56 PM

කතාවටත් කියනවනේ හරියට ඉඩම් නඩුවක් වගේ කියලා.එකෙන්ම තේරෙනවා ලංකාවේ ඉඩම් හා සම්බන්ධව තිබෙන ප්‍රශ්න මොනවගේද කියලා. (නි)

:       0       0

සිරි Tuesday, 05 November 2013 01:59 PM

ලංකාවේ ඉඩම් නඩු සම්බන්ධයෙන් ඇති නීති ඉතාම සෝචනීයයි . ඉඩම් නඩු වලින් තමයි බොහෝ පෙරකදොරුවන් ජීවත් වන්නේ. ඔවුන් ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නීතියේ පිහිට පතන අයව හිගමනට පත් කරනවා. පරම්පරා ගණනක් යනකල් නඩුව වවාගෙන කනවා. (ස)

:       0       0

සම් Tuesday, 05 November 2013 02:38 PM

කීන් බෙනට් ඔබ කියල තියන දේ හරියටම හරි. (මාත් ඉන්නේ කීස්බරෝ) (ස)

:       0       0

කැලුම් Tuesday, 05 November 2013 09:27 AM

දැන් කරන්න දෙයක් නැහැ.ඔය මල සිරුරු ඔය ඉඩමේම මිහිදන් කරන්න.එතකොට ඉඩමෙන් වැඩක් නැහැ.ඉඩම් ආරවුලත් ඉවරයි.මිය ගිය අය‍ට නිවන් සුව අත් වේවා !. (ස)

:       0       0

කුමාරි Tuesday, 05 November 2013 09:32 AM

දැන් ඉතින් හැම දෙනාම මරපු නිසා මිනීමරුවන්ට ඉඩම් ඔක්කොම අයිතිකරන් සතුටින් ඉන්න හැකි වෙයි කියල හිතන්න ඇති. තන්හාව නිසා මහා පාප කර්මයකුත් කරන් මහා උළු ගෙදර උළු ගණන් කරද්දී තේරෙයි.(ස)

:       0       0

පිනි බබා Tuesday, 05 November 2013 09:35 AM

දැන් ඉඩම මැරිච්ච අය අරන් ගියෙත් නැහැ, මිනීමරුවන්ටත් වැඩක් වෙන්නේ නැහැ. මනසින් මිට වඩා බුද්ධිමත් වෙන්න ඕන. නිවන් සුව !!! (ස)

:       0       0

කුසුම් Tuesday, 05 November 2013 03:05 PM

අපේ මිනිස්සුන්ට ඉඩම් ගැන නම් තියෙන්නේ පුදුම තණ්හාවක්. මිනිස්සු පැළයක් හිටවන්නේ හරියටම වැටේ. ගහ වැඩෙද්දී ගහ තියෙන්නේ අනික් පැත්තේ. ඉතින් ගහේ අයිතියට මරා ගන්නවා. අනික ඉඩමේ මායිමත් වෙනස් වෙනවා. කොහොමත් ලංකාවේ නම් ඉඩම් වලට නඩු කියල පලක් නැහැ. නීතීඥයන් පොහොසත් කරනවට වැඩිය සාමයෙන් විසඳ ගන්න එක තමයි හොඳ. ඉඩම් ඔප්පු ගැන නම් මිට වැඩිය ක්‍රමවත් වැඩ පිළිවෙලක් හා නව නීති සම්පාදනය කිරීමට කිරීමට බලධාරීන් ක්‍රියා කල යුතුව ඇත. (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 09:55 AM

මිනිසුන් ආගම ධර්මයෙන් ඈත් වීමේ ප්‍රථිපල. දැන් ගොඩක් ආගමික නායකයින් පවා මුදලාලිලා වෙලා. එයාලගේ වගකීම් හරියට ඉටුකරන්නේ නැහැ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 05 November 2013 09:56 AM

දැන් කාලේ නොමැරී ඉන්න එකත් හරි වාසනාවක්, .(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 05 November 2013 10:09 AM

මීට ටික කලකට පෙර හෝකන්දර සමුහ ඝාතනය සිදු කලෙත් ඉඩම් ආරවුලක් නිසයි. ඉඩම් මැරෙන කොට ගෙනියනවද කියල නිකමටවත් හිතෙන්නේ නැද්ද? මේ තිරිසන් වැඩ කරන මිනිස්සුන්ට. මියගිය සැමට නිවන් සුව! (ස)

:       0       0

රේණුකා Tuesday, 05 November 2013 10:15 AM

කැලුම්, ඔබ කිව්ව විදියට දැන් ඒ ඉඩමෙන් වැඩක් නැහැ.මල ගිය අය ඉඩම දල යන්නේත් නැහැ. මිය ගිය අයට නිවන් සුව. (ස) . දෙන

:       0       0

යුෂුර් Tuesday, 05 November 2013 10:19 AM

මහා පොලවේ ඉඩම් මැරෙනකොට අපි ගෙනියන්නද? ඇයි මිනිසුන් මේක තේරුම් ගන්නේ නැත්තේ? අද පොලිසි වල වැඩම් පැමිණිලි ඉඩම් ආරවුල්. අපි ටිකක් හිතමු.(නදී)

:       0       0

මිහිර Tuesday, 05 November 2013 10:19 AM

මහා පොලවේ ඉඩම් මැරෙන කොට අපි ගෙනියන්නද? ඇයි මිනිසුන් මේක තේරුම් ගන්නේ නැත්තෙ. අද පොලිසි වල වැඩිම පැමිණිලි ඉඩම් ආරවුල්, අපි ටිකක් හිතමු. (ස)

:       0       0

කින් බෙනට් Tuesday, 05 November 2013 10:35 AM

මේ ඔක්කොම ප්‍රශ්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දයි. ඉඩමකට හරියට අයිතිවාසිකම් පෙන්නන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඕනෑ කෙනෙකුට හිස් ඉඩමකට හොර ඔප්පුවක් හදලා නඩු කියන්න පුළුවන්. ගෙදරකට හරි ගොඩනැගිල්ලකට හරි කුලියට කට්ටියක් ආවොත් ටික දවසකින් එලවගන්න බැහැ. ඔවුන් අයිතිවාසිකම් ඉල්ලනවා. එතකොට නීතිය ක්‍රියාත්මක කරන්න ගියහම නීතිය ක්‍රියාත්මක කරන තැන පරම්පරා ගානක් යනකන් කල් ගන්නවා. 1948 වෙනකොට ඒ කාලේ හැටියට හරි සුද්දෝ රටට නීතියක් කියලා හොඳ දේවල් ටිකක් හදුන්වලා දුන්නා. දැන් වසර 68 ක් ගතවෙලත් තාම ඉන් එහාට නීති හදා ගන්න හැකියාවක් , දැනුමක් පාලකයන්ට නැහැ. ඉතින් මිනිස්සු මේ වගේ දේවල් වලට ගහමරා ගන්න එක ලොකු දෙයක් නෙමෙයි.මේ ඉඩම් ප්‍රශ්න කියන්නේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බව පාලකයෝ දන්නේ නැහැ. දැනුමක් නැහැ.ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න.තාම හරියට පිරිසුදු ඔප්පු හදන ක්‍රමයක් ලංකාවේ මිනිස්සු , පාලකයෝ , නිලධාරියෝ දන්නේ නැහැ. යන්තම් සුද්දෝ හින්දා තමයි මෙහෙම හරි ඔප්පු ක්‍රමයක් අපිට තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site