
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉංජිනේරුවෙකු ඔහුගේ නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී අද දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පි ඒ පුෂ්පකුමාර නිශ්ශංක 58 යන අයයි.
යාබද නිවසේ පුද්ගලයා ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන් තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේලවලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින් නිවසේ ජනෙලය විවෘත කරගෙන ඇතුළු වී කාමරය පරීක්ෂාකර අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ සාලයේ හාන්සි පුටුවක් අසල මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ඉංජිනේරුවරයාගේ මරණය ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංජිනේරුවා අභිරහස් ලෙස මැරිලා